Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.

නවතම තොරතුරු අනුව දැනට Browser සටනේ බල සම්පන්න යෝධයින් වන Google Chrome, Mozilla Firefox  හා Internet Explorer සමඟ සංසඳනාත්මකව සිදුකල පරීක්ෂණවලින් පෙනී යන්නේ Microsoft Edge Browserය සිය දහස් ගුණයකින් ඉතා ඉහල තත්වයේ performance ඇතිබවයි. එනම් එහි web surfing ක්‍රියාකාරිත්වය ඉතා ඉහලින් කාර්යක්ෂමව සිඳුවන බවයි.
Microsoft සමාඟමේ Blog අඩවියක සඳහන් කර තිබුනේ Project Spartan කණ්ඩායම හැමවිට උත්සාහකරන්නේ Microsoft සමාගමටම අයිති, එනම් Internet Explorer 9 සමඟ Integrate කරනු ලැබූ Chakra JavaScript එන්ජිම තව දුරටත් වැඩිදියුණු කරන බවයි. මීට කදිම නිදසුනක් ලෙස ඔවුන් විසින් අන්තර්ජාලයේ ඇති ඉහළ පෙලේ වෙබ් අඩවි 10,000 න් 4,000 ක්ම අතර අහඹුලෙස සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ 95%ක්ම වෙබ් අඩවි එහි JavaScript කේත(Code) minified  කරඇති බවයි (minified යනු JavaScript කේතයක ඇති අනවශ්‍ය කේතයන් එහි ක්‍රියාකාරිත්වයට බාදාවකින් තොරව ඉවත් කිරීමයි)
ඒ අනුව Microsoft සමාඟම මඟින් මෙහි පරීක්ෂණ සඳහා Google සමාගම මගින් නිර්මාණය කරනු ලැබූ Octane 2.0 මිනුම් ක්‍රමය (benchmark) භාවිතා කර ඇත. මෙහිදී Google Chrome, FireFox, Internet Explorer යන සියලු Browser වල 64-Bit Version with Windows 10 සමඟ පරීක්ෂණය සිඳු කර ඇත.  (Octane 2.0 යනු JavaScript performance පරීක්ෂාවට යොදාගන්නා මෙවලමකි)

ඔබට පෙනෙනුයේ Edge Browserය Chrome, FireFox, IE යන සියල්ලට ම වඩා ඉහලින් ලකුණුලබා ඇති ආකාරයි.
තවද කණ්ඩායම විසින් Apple සමාඟමේ performance testing tool එකක් වන Jet Stream සමඟද පරීක්ෂණයක් කරතිබුනා. මේ එහි වාර්තාවයි.

Source - http://windowsgeek.lk


1 comment:

  1. Harrah's Ak-Chin Casino Hotel - Mapyro
    Harrah's Ak-Chin 제주도 출장안마 Casino Hotel in Ak-Chin, S, is a casino in 군산 출장마사지 S, Agen, Republic of Korea, 제주도 출장마사지 in the heart of Gausel zone, 상주 출장마사지 North Korea. 속초 출장안마

    ReplyDelete

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න