Sunday, October 11, 2015

Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි





Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි. 6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.


8-megapixel front-facing කැමරාවකින් සහ 12.3-megapixel rear-facing කැමරාවකින් මෙය සමන්විතයි. Nexus 6P දුරකථනය 2.0Ghz Octa-core Qualcomm processor එකකින් සහ 3GB RAM එකකින් යුක්තයි.  මේ උපාංග දෙක අතරින් 5x ප්‍රමාණයෙන් කුඩයි. 5.2-inch full HD තිරයකින් යුක්ත වන අතර පසුපස කැමරාව 12.3-megapixel වුවත් ඉදිරිපස කැමරාව 5-megapixel වනවා. 1.8GHz Hexa-core 64-bit Qualcomm processor එකකින් යුතු මේ දුරකථනය carbon black, quartz white සහ ice blue යන වර්ණ තුනෙන් වෙළඳපොළට පැමිණෙනවා. මේ දුරකථන දෙකම fingerprint reader එකකින් යුක්තයි. Google M (Marshmallow) මෙහෙයුම් පද්ධතියත් වෙනස්කම් රැසක් සමඟින් පැමිනෙනවා.
Source - http://techguru.lk/

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න