Wednesday, July 23, 2014

Nokia සමාගම Android දුරකථන සැදිම නවතයි




මිට වසරකට පමණ පෙර සිට Nokia ජංගම දුරකතන සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පැමිණි බව ඔබ දන්නවනේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාවෙන් ඉන්න Nokia භාවිත කරන අයටත් මේ පුවත ඉතාමත්ම වැදගත් පුවතක් බවට පත්වුණා.

නමුත් අද දවසේදි නිල ප්‍රකාශයක් ඔස්සේ Microsoft සමාගම කියා සිටියේ මින් පසු Nokia හි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පෙළ වන Nokia X සදහා ඇන්ඩ්‍රොයිඩ් යොදාගැනීම සිදු නොවන බවයි. ඒ සදහා සුපුරුදු ලෙස Windows Phone මෙහෙයුම් පද්ධතිය යොදන බව සදහන් කරනු ලැබුවා.



Microsoft හි ප්‍රධානියෙකු වන Stephen Elop අද දවසේදි ඔහුගේ සේවකයින් වෙත ලිපියක් යවමින් කියා සිටියේ ඔවුන්ගේ ජංගම දුරකතන නිෂ්පාදන පද්ධතිය සදහා මිට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය වන මිනුම් හා තොරතුරු ද සදහන් කොට තිබුණා. ඒ අතරම එහි සදහන් ළුූයේ පවතින Android මාදිලි වෙනුවට ඒ සදහා ඉදිරියේදි Windows Phone ඇතුලත් කළ යුතු බවයි.

Nokia X ඇන්ඩ්‍රොයිඩ් පෙලෙහි වර්ධනයක් සිදුවිමටත් පෙර මෙවැන්නක් සිදුවිම එක්තරා අන්දමට ගැටලු සහගත තත්ත්වයක්.ඒවගේම මිට මාස කිහිපයකට පෙර Nokia වෙතින් ඔවුන්ගේ දෙවැනි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයත් නිල වශයෙන් නිවේදනය කළ බව අපි ඔබට කිවා.


එම ජංගම දුරකතනය කෙසේ වෙතත් මෙම මස අවසානයේදි ලෝකය පුරා වෙළද පොලට එකතු කරන අතර එම ජංගම දුරකතන මාදිලිය හා පැරණි Android Nokia X උපාංග සදහා සහය දිගටම Microsoft වෙතින් ලබා දෙන බවද සදහන් කර සිටියා. එහෙත් නව උපාංග නිපදවිමක් හෝ නව ඇන්ඩ්‍රොයිඩ් මාදිලි පෙලක් ඉදිරියේදි අපට දකින්නට ලැබෙන්නේ නැත.

ඔවුන් මේ වනවිටත් ප්‍රචලිත කරමින් යන Windows Phone මෙහෙයුම් පද්ධතිය Nokia ජංගම දුරකතන ඔස්සේ ඉදිරියට තවත් ප්‍රචලිත කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

We plan to drive Windows Phone volume by targeting the more affordable smartphone segments, which are the fastest growing segments of the market, with Lumia. In addition to the portfolio already planned, we plan to deliver additional lower-cost Lumia devices by shifting select future Nokia X designs and products to Windows Phone devices.

-Stephen Elop-
Source - droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න