Sunday, June 14, 2015

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරන ලකුණු



BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.

2014 වසර වන විට BlackBerry මෙහෙයුම් පද්ධතිය භාවිත කලේ 0.4% වැනි ඉතා සුළු පිරිසක් පමණයි. ඒ නිසා තම මෙහෙයුම් පද්ධතිය අත හැර Android වෙත මාරුවීමට තීරණය කරන්නට ඇත. කෙසේවෙතත් මේ රොයිටර් වාර්තාවට BlackBerry සමාගම ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නමුත් ඔවුන් විද්‍යුත් තැපෑල හරහා යැවූ ප්‍රකාශයක දැක්වෙන්නේ තව දුරටත් ඵලදායිතාවය සහ ආරක්ෂාව වැඩි BlackBerry 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවයි. තවද Google සමාගමද මේ සදහා ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මේ වසරේ පැවැත්වුණු Mobile World Congress හි දී BlackBerry සමාගම නව ජංගම දුරකතනයක් නිවේදනය කලා. එය Samsung Galaxy S6 Edge හි මෙන් curved display එකකින් යුක්ත වුනා. නමුත් එය slide-out යතුරු පුවරුවකින්ද සමන්විතයි. නමුත් එම දුරකථනය රොයිටර් වාර්තාවෙහි සදහන් දුරකතනයද යන්න තහවුරු වී නැහැ. “Leap” ලෙස නම් කර ඇති සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයක් සහිත දුරකථනයක්ද ඔවුන් මේ සමුළුවේදී නිවේදනය කරලා.

Google Play සමග සම්පූර්ණ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට හෝ Nokia සමාගම කලාක් මෙන් Android ව්‍යාපෘතිය යොදා ගෙන තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් සකස් කර ගැනීමට ඉඩ තිබෙනවා. මෙසේ Android භාවිතා කිරීමට යෑම ඔවුන්ගේ BlackBerry BB 10 මෙහෙයුම් පද්ධතිය කාලෝචිත නොවන බවට ඉඟි කරනවා.
BB මෙහෙයුම් පද්ධතියේ ඔවුන්ගේ ප්‍රධාන මෘදුකාංගය වන BlackBerry Hub ද Android සදහා සුදුසු වන පරිදි සැකසීමට සිදු වෙනවා. BlackBerry Messenger මෘදුකාංගය දැනටමත් Android සදහා නිකුත් කර තිබීම පහසුවක් වේවි. Android සදහා වූ මෘදුකාංග දැනටමත් BlackBerry දුරකථන වල භාවිතා කල හැකියි. නමුත් Google Play Store පහසුකම නොමැති නිසා Amazon වැනි විකල්ප App Stores යොදා ගැනීමට සිදු වනවා. නමුත් Google Play සහතික ලැබුවහොත් BlackBerry දුරකථන වල පහසුවෙන් සියලුම Apps භාවිත කරන්නට පුළුවන් වේවි.
Source - http://techguru.lk

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න