Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම සිදුවනු ඇති බවකි. එසේම මෙම මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් “unwanted software” ලෙසට ශ්‍රේනිගත වනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.
සමස්තයක් ලෙසට මෙම මෘදුකාංගය search provider සැකසුම් වෙනස් කිරීමේ ප්‍රවනතාවයක්ද වන බවටත් වැඩි දුරටත් තොරතුරු හෙලිකර සිටිනවා. බොහෝ දුරට පැමිනෙන නව බ්‍රවුසර මෘදුකාංග සමග බාහිර මෘදුකොටස් ක්‍රියාත්මක වීම පාලනට කටයුතු කිරීම මේ වන විට බහුල අත්දැකිමක් වෙමින් තිබෙනවා. Ask Toolbar සමග පැමිනෙන Java ස්ථාපන මෘදුකොටසද මීට පෙර Microsoft වෙතින් හානිකරයක් ලෙසට මීට පෙර නම් කෙරෙනු ලැබුවා.
Source - http://itlk.us/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න