Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.