සැබවින්ම ඩොලර් 25ට ස්මාට්ෆෝනයක් ලබා දෙනු ඇතැයි ඔබට අදහාගත නොහැකි වනු ඇත.. නමුත් දැන් පෙනෙනා ලෙසට එය සත්යයක් බව පැහැදිලිව පෙනේ. කීර්තිය අත් කර ගත් ප්රසිද්ධ සමාගමක් නොවුනද Spread run යනු විශ්වාසය තැබිය හැකි නිෂ්පාදන සමාගමක් වගේම, වෙළද නාමයක් බවට පත්ව ඇත. දැන්
Mozilla සමගින් එක්ව Firefox OS මෙහෙයුම් පද්ධතිය අන්තර්ගත හැකි අවම මුදලටස්මාට්ෆෝනය වෙලද පොළට හදුන්වා දෙන්නට මෙම Spread run සමාගම සූදානම් වේ..මෙහි මූලික වියදම අඩු කර ගැනීමට ඔවුන් යොදා ගන්නා චිප පද්ධතියෙන් හැකි වී ඇත. මෙහි යොදා ගන්නා චිප පද්ධතියට LTE පහසුකම අන්තර්ගත නොමැති වුවද WCDMA, EDGE, WI-FI, BLUETOOTH, CAMERA, FM RADIO පහසුකම් වලට එය හොදින් සහය දක්වයි..එසේම අගල් 3.5 තිරයක් යොදන බවද නිෂ්පාදන සමාගම දන්වා සිටී.. කෙසේ උවද Galaxy, I Phone, Lumia වැනි ස්මාට් ෆෝන් සමග සංසන්දනය කල නොහැක..ඔබ එවැනි ස්මාට් ෆෝන් සමග සංසන්දනය කිරිමට පලමුව මෙහි මිල සංසන්දනය කල යුතුය. කෙසේ වෙතත් මෙවැනි දුරකතනයක් ඩොලර් 25ට නිකුත් කිරීම ස්මාට්ෆෝන් වෙළදපොලට තරගකාරී වනු ඇත..
Source = http://anyandroidapps.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න