Wednesday, April 23, 2014

GNU/Linux හඳුනාගනිමු

Free and Open Source මෘදුකාංග ක්ෂේත්රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ
1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) විශ්වවිද්යාලයේ පරිගණක අධ්යන අංශයේ කෘතීම බුද්ධිය පිලිබදව තිබූ විද්යාගාරයේ සිටිය මොහු, එක් දිනක විද්යාගාරයේ තිබූ මුද්රණ යන්ත්රයකින් පිටපතක් ලබාගැනීමට උත්සහ ගැනීමේදී එය ඔහුට අවශ්ය ආකාරයට ලබාගැනීමට නොහැකී විම නිසාවෙන්, ඔහු ඒ ගැන සොයාබැලීමත් සමඟ එම මුද්රය යන්තයේ මෘදුකාංගය විසින් එය භාවිත කරන පුද්ගලයාට අවශ්ය ආකාරයට ක්රියාකරගැනීමට නොහැකි වන අයුරින් නිපදවා ඇති බව ඔහු විසින් තේරුම් ගැනිනි. ඉන් පසුව එම අදාලා මුද්රය යන්ත්‍රයෙ නිෂ්පාධන Xerox ආයතනයට දුරකථන ඇමතුමක් ලාබාදී මේ පිලිබව දන්වා සිටියා. එහිදී ඔවුන් කියා සිටියේ මාස හයකින් අලුත් මෘදුකාංගයක් නිකුත් කරන බවත් ඒවන තුරුඉවසන ලෙසත්ය. පිටපත ලබාගැනීමට එතරම් කාලයක් බාලාසිටීමට නොහැකි නිසා ඔහු එම සමාගමෙන් මෘදුකාංගයේ Source Code ඉල්ලා සිටියත්, ඔවුන් එයට ප්රතිචාරදක්වන ලැබුයේ, එම මෘදුකාංගයේ Source Code එක අයිති වන්නේ එම සමාගමට බවත්, එය අනෙකුත් පුද්ගලයන් අතරේ බෙදාදීමට නොහැකි බවත්ය.මෙය GNU Project එකෙන් ආරම්භය ලෙස සැලකිය හැකියි. ඉහත සදහන් කල සිද්ධිය නිසාවෙන්, 1983 දී Richard Stallman මහත්මයා විසින් එකල සිටපු විද්වතුන් වෙත ලිපියකින් ඔහු විසින් GNU (GNU's Not Unix) Operating System එකක් තමන් විසින් සෑදීම ආරම්භ කරන අතරම, එයට මුදල් මෙන්ම Code කලහැකි මිනිසුන් අවශ්ය බව සදහන් කරමින් ලියුමක් යැවූ අතර, එයට සැලකිය හැකි තරම් ප්රතිචාර ලැබීමෙන් අනතුව වර්ෂ 1984දී Richard Stallman මහත්මයා MIT(Massachussetts Institute of Technology) ඉවත් වී GNU Operating System එක සකස් කිරීම ආරම්භ කලේය. ඉන් පසුව වර්ෂ 1985 දී Free Software Foundation ආරම්භ කරමින් නිදහස් මෘදුකාංග නිපදවන ප්රද්ගලයන්ට අත හිත දීම සහ ඔවුමට අවශ්ය නීතිමය උපදෙස් ලබාදීමට කටයුතු කලේය. GNU Project එකෙහි වැඩ කටයුකු වර්ෂ 1989 වන විට බොහෝ ලෙස අවසන් වී තිබුනි. එහෙත් Operating System එකක ප්රධාන කොටස වන Kernel එක නිදපදීම අතින් GNU සදහා නිපදවා තිබුණු HURD Kernel එක අසාර්ථක විය. පසුව එයට පන පොවන්නට පැමිනෙන්නේ Linus Benedict Torvalds නම් විශ්ව විද්යාල සිසුවාය.1991 වෙනකොට Linus Benedict Torvalds සිටියේ Helsinki විශ්ව විද්යාලයේ දෙවන වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus පසුව Linux Kernel එක බවට පත්වූ ව්යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්යාලයේ විශාල UNIX severs වෙත ඇතුළු වීම සඳහා යොදාගත් Terminal Emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක දියුණු කලේ GNU C compiler එක මගින් MINIX මත ඉඳගෙන. අවසානයේදී Linux වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක Kernel එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix නම් Mailing Group එකට නිවේදනය කලා. මෙයට ලැබුනු ප්රතිචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්රමලේඛකයන් මේ වටා රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux 0.02 නිකුත් වෙනවා. තවත් සති කීපයකින් 0.03 පිටවුනා. දෙසැම්බර් වෙනකොට Linux0.10 වෙනකම් ඇවිත් තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.Linux නම ලැබුනේ කොහොමද? Linus මුලින් අදහස් කරගෙන හිටියේ මේ Kernel එකට නිදහස් අර්ථය එන්න"Free" සහ UNIX ආභාෂය ලත් නිසා "x" අකුරත් එකතු කරල "Freex" කියල නම් කරන්න. නමුත් Helsinki විශ්ව විද්යාලයේ FTP server එකේ ලිනක්ස් ගබඩා කරපු Ari Lemmke නම් Linus ගේ මිත්රයා ඒක Linux විදිහට වෙනස් කලා. මේ නම ජනප්රිය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට භාවිතා කරා.Linux සුරතලා Tux1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය(Mascot) විදිහට Tux නම් පෙන්ගුයින් නම් කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.මුලින් Linus විසින් Linux නිකුත් කලේ තමන්ගේම බලපත්රයක් යටතේ. GNU Operating System එක නිර්මාණ කරමින් තිබෙන මේ කාලයේදී ඔවුන්ගේ Kernel එක අසාර්ථක වීමෙන් පසුව Richard Stallman මහතා විසින් Linus Torvalds සමඟ සාකාච්චා කර තිබුනි. ඒ වගේම ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්යාපෘතියේ GNU General Public License යටතේ ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ Bash Shell එක අන්තර්ගත උනා. 1992 දෙසැම්බර් මාසයේ GNU/Linux මෙහෙයුම් පද්ධතියේ පලමු පිටපත නිකුත් වුනා 'GNU/Linux Version 0.99' එක හැටියට. පසුව Linus කීවේ Linux GNU GPL යටතේ නිකුත් කිරීම තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux Kernel එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී Source Code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.GNU/Linux අදGNU/Linux සතු නම්යශීලී සුමට ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම GNU/Linux අද පැතිරිලා. එය Super computer වල සිට අතේ ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ GNU/Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. GNU/Linux වල හැකියාව එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක් පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්රමණයකට තමන් සූදානම් බව GNU/Linux ඔප්පු කර තිබෙනවා. මේ සෑම දෙයකටම ආරම්භකයා වූ GNU/Linux අදටත් සරල මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්රියම ක්රමලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනක GNU/Linux ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි.
source = http://pariganakalipi.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න