Friday, February 19, 2016

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට


 Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා. 

Friday, November 20, 2015

Edge බ්‍රවුසරයද වැඩි දියුනු කර ඇත


    Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය. 

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.

Sunday, October 11, 2015

Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි





Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි. 6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.

abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි


Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.