Sunday, October 11, 2015

abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි


Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.
Google හි අක්ෂර 26 යේ මේ නවතම ඩොමේන් නාමය Whois records හරහායි සොයා ගෙන තිබෙන්නේ. මෙම ඩොමේන් නාමය 1999 වසරේදී සකසා ඇති අතර එය Google සමාගමට පැවරීමට පෙර එහි හිමිකාරිත්වය පුද්ගලයෙකු දරා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා. හැබැයි මේ ඩොමේන් නාමයට Google සමාගම කොපමණ මුදලක ගෙවීමක් සිදු කළාද යන්න පැහැදිලි නැහැ.

Source - http://techguru.lk/

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න