Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම
surveillance ඔස්සේ බැංකුවේ කටයුතු සිදුවන පිලිවල හදාරන්නටත් ATM සමග කටයුතු කරන ආකාරය ඔස්සේ dispense cash කරන්නටත් ඔවුන් කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Interpol, Europol වැනි ආයතනයන් සමග සහයෝගයෙන් අපරාධ කරුවන් හඳුනා අගන්නට කටයුතු කරමින් සිටින බවත් ආයතනයන් හි අභ්‍යන්තරව ආරක්ශක ක්‍රමවේද කෙරෙහි දක්වන අඩු සැලකිල්ල බොහෝ විට මෙම ගැටලු වලට හේතුවන බවත්ය.
Source - http://itlk.us/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න