Friday, February 27, 2015

Net Neutrality බව යලි පෙරට

  මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් වලට පැමිනෙන්නට ඉඩ කඩක් නොමැති වීමය. මිනිස් වර්ගය අත්පත්කර ගත් බොහෝ පූජනීය මට්ටමේ කාරනා වලට අවසානයේ අත්පත්වූ ඉරනම සැලකීමේදී මේ අපූර්ව
Internet ජාලය වෙතටද ගෙනෙන්නට උත්සාහ කල blocking, throttling හා paid prioritization හැකියාවන් ලබා දෙන නව rules අඩපනකර දමන්නට Federal Communications Commission වෙතට ගෙනවිත් තිබූ යෝජනා අද FCC තුලදී සම්මත වූ බවට වාර්ථා වනවා. ISP වරුන්හට ගෙවීම් යටතේ යම් අඩවි වෙතට ප්‍රමුක බව ලබාදෙන්නට , ඔවුනට සිතැගි පරිදි අඩවි වලකා ලන්නට ඉඩ ලැබීම් ප්‍රමුක Internet තුලවන ප්‍රධාන නිදහසේ ගලායාමේ හැකියාව පාලනය කිරීමේ අවස්ථාව පිලිබද තවත් උත්සාහයක් මේ අනූව වැලකෙන බවටයි පිලි ගැන්නේ.
Source -  http://itlk.us/

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න