මුදල් මත අද ලෝකයේ හැමදෙයක්ම ලෝකයේ තීරණය කර අවසානය. ආදරය පවා මුදලට යටවෙමින් සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන කියමන සනාත කරමින් පෙම්වතුන් පෙම්වතියන් මුදලට අන්තර්ජාලය ඔස්සේ මුදලට විකිනෙන ක්‍රමවේදයක් චීනයෙන් අසන්නට ලැබුණි.
චීන අන්තර්ජාල සේවාව මගින් කරගෙන යන්නාවූ මේ වෙළඳාම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් මිලට ගැනීමේ පහසුකම ලබා දී ඇත. ප්‍රථමයෙන් මිලදී ගන්නා ආදරවන්තයා හෝ ආදරවන්තිය පරිඝනකයට සහ දුරකතනයට සීමා වෙති. උදෑසන 8 සිට රාත්‍රී 9 දක්වා සේවා සපයන අතර අන්තර්ජාලය හෝ දුරකථනය ඔස්සේ පෙම්වතා හෝ පෙම්වතිය සමග කතා බහ කිරීමට දෙන්නේ පැය දෙකක පමණ කාලයක්ය. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාරිභෝගිකයාගේ රැකියාවේ ගැටළු,
මානසික ගැටළු, පවුල් ගැටළු, සාකච්චා කිරීමට පෙළඹවීම සහ ඉන් පාරිභෝගිකයාගේ වදන් සාවධානව අසා සිටිමින් ඔහුගේ හෝ ඇයගේ සිත සැනසීමය. මෙහිදී පාරිභෝගිකයාට පුද්ගලික තොරතුරු, ජායාරුප, වැනි ඉල්ලීම් කිරීමට අවසරයක් නැති අතර රාත්‍රී 9 ට සේවා කාලය අවසන් වී නැවත උදාවන දිනයේදී මනඃකල්පිත ආදරවන්තයා හෝ ආදරවන්තිය ගේ සේවාව අවශ්‍යනම් මුදල් ගෙවා නැවත පෙම්වතා හෝ පෙම්වතිය මිලදී ගැනීමක් කල යුතුය. මෙසේ අන්තර්ජාලය තුල සේවා සපායන විකුණුම් ස්ථාන 3500 කට අධික ප්‍රමාණයක් ඇති අතර 30,000 ක අධික පිරිසක් දැනට මේ සේවාව ලබාගෙන ඇත. සේවාදායකයාට හෝ සේවා සපයන්නාට හානි වන අයුරින් සදාචාර විරෝධී ක්‍රියා සිදුකිරීමට මේ හරහා අවස්තාව නොලැබෙන අතර තාවකාලික පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අවශ්‍යතාවය අන්තර්ජාලයට සහ දුරකතනයට පමණක් සිමා වේ.
Source - http://www.technews.lk/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න