Sunday, October 11, 2015

පුද්ගලයෙකු විනාඩි කිහිපයකට “Google.com” $12 කට මිලදී අරගෙන


හිටපු Google සේවකයෙකු වන Sanmay Ved හට අමුතුම ආකාරයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. Google.com domain එක කෙටි කාලසීමාවකට ඔහුගේ නමට ලැබිලා තිබෙනවා. ඒ මිලියන හෝ බිලියන ගණනකට නොවේ. කුඩා $12 කට. රුපියල් වලින් නම් ආසන්න වශයෙන් රු.1700 කට. ඔහුගේ මේ අත් දැකීම ඔහු තම Linkedin තුල සඳහන් කරලා තිබුනා.

මේ සිද්ධිය සිදු වන්නේ සැප්තැම්බර් 29, 1:20 AM Eastern Time. Sanmay විසින් Google Domains interface එක තුල Google.com සඳහා search කර තිබෙනවා. පුදුමසහගත ලෙස Google.com domain එක මිලදී ගැනීමට හැකි තත්වයේ පැවතිලා තිබෙනවා.(Available for Buying) ඔහු Google.com domain නාමය මිලදී ගැනීමේ කාර්යයන් අවසන් කර තිබෙනවා. ඒ ලොව වැඩිම traffic එකක් තිබෙන Domain එක $12 කට මිලදී ගැනීමෙන්. මිලදී ගැනීම සම්පූර්ණ කල බවත් Google විසින් සනාථ කිරීමේ emails දෙකක් ලැබුණු බවත් ඔහු පවසා තිබුණා. ඔහුගේ Google Domains order history එකෙහි සහ Webmaster Tools වලත් මෙම තොරතුරු ස්වයංක්රියව යාවත්කාලීන වී තිබෙනවා. කෙසේවෙතත් මිනිත්තුවකට පසු ඔහුගේ මේ ඇනවුම අවලංගු වී තිබෙනවා. ඔහු පවසා තිබුනේ ඔහුට මිනිත්තුවකට හෝ මෙම domain එක තම සතු කර ගැනීමට හැකි වීම සතුටක් බවයි.






Source - http://techguru.lk

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න