Friday, February 19, 2016

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට


 Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා. 

Friday, November 20, 2015

Edge බ්‍රවුසරයද වැඩි දියුනු කර ඇත


    Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය. 

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.

Sunday, October 11, 2015

Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි





Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි. 6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.

abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි


Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විනාඩි කිහිපයකට “Google.com” $12 කට මිලදී අරගෙන


හිටපු Google සේවකයෙකු වන Sanmay Ved හට අමුතුම ආකාරයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. Google.com domain එක කෙටි කාලසීමාවකට ඔහුගේ නමට ලැබිලා තිබෙනවා. ඒ මිලියන හෝ බිලියන ගණනකට නොවේ. කුඩා $12 කට. රුපියල් වලින් නම් ආසන්න වශයෙන් රු.1700 කට. ඔහුගේ මේ අත් දැකීම ඔහු තම Linkedin තුල සඳහන් කරලා තිබුනා.

Sunday, September 6, 2015

Cortana සමග භාෂා පරතරය ජයගමු


  තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට ‍රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

Chrome සමග වන අධි Ram භාවිතාව පාලනයකට


බ්‍රවුසර භාවිතාවතුල Google වෙතින් එන Chrome වෙතට ඇත්තේ විශාල පිලි ගැනීමකි.  නමුත් මෙම බ්‍රවුසරය භාවිතාව සමග බොහෝ විට අත්විඳින ගැටලුවක් වන්නේ එය පරිගණකයේ ‍රැම් භාවිතාව අසීමිතව සිදුකිරීමය. විටක පරිගණකයේ වේගය අඩාලකරවන්න්නට තරම් මෙම දුර්වලතාවය බලවත්වීම සාමානය අත්දැකීමකි. Google පවසනේ තම version 45 සමග භාවිතාකරන්න හට වඩාත් නම්‍යව

WhatsApp වටා වන මාසික භාවිතාව බිලියනයට ආසන්න වෙමින්


  Facebook ආයතනය WhatsApp 2014දී මිලට ගනු ලැබුවේ ඩොලර් බිලියන 19ය කටය. ඒ වන විට මෙම සේවාව වටා මාසිකව සැලකිමේ සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 450ක් වනු ලැබුවා. පසුගිය ජූලි වන විට එය මිලියන 800ක් කර වර්ධනය කරන්නට Faceook සමත්ව තිබූ බවට වාර්ථා වූ අතර ඒ සදහා iOS මෙන්ම Android උපාංග සමග වඩාත් නම්‍යව කටයුතු කිරීමේ හැකියාව දියුනු කර භාවිතාකරන්නන් වෙතට වඩාත් සමීප කරන්නට හැකිව තිබුනා.

නව විවෘත media format එකකට එක්වේ


වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර  audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව

WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම


Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.

ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය Sony සමාගමෙන්




පසුගිය වසර ගණනාව තුලම Sony සමාගම තම ජංගම දුරකථන සෑම විටම පාහේ නවීන අංග වලින් යුක්තව වෙළඳ පොලට නිකුත් කරනවා. ඒ බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් පසුගියදා ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium හඳුන්වා දුන්නා. මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. දුරකතනයේ සම්පූර්ණ විස්තර සටහන පහතින්,

කුහුඹුවන් iPhone එක වටේ මේ විදියට ගමන් කරන්නේ ඇයි කියලා දන්නවද?


මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ iPhone දුරකතනයට ඇමතුමක් ලැබෙන විට කුහුඹුවන් එය වටා යම් පිළිවෙලකට ගමන් කරන ආකාරයයි. මේ හරහා සාමාන්‍ය YouTube ප්‍රේක්ෂකයන් පමණක් නොව ප්‍රවීණයන් පවා ව්‍යාකූල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න ඒ වීඩියෝව,

Tuesday, September 1, 2015

Google වෙතින් එන නව WiFi router ය



 ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ශාව පිලිබදව භාවිතාකරන්නාගේ අවධානය අනවශ්‍ය මට්ටමක සේවාවකට සූදානම් බවටයි පැහැදිලි වන්නේ. මීට අමතරව mobile app ඔස්සේ යුසර්නේම් හා පාස්වර්ඩ් සමග ආරක්ශිතව Android හා iOS සමග නෙට්වර්ක් වෙමින් එම ජාලය ඇතුලත දී පහසුවෙන් ගෝනු බෙදා හදා ගැනීමේ හැකියාවත් සමස්ථ ජාලයම remotely monitor  හැකියාවත් තවත් මෙහි වන සිත්ගන්නා සුලු ලක්ෂන වනවා.

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ



ගෙවී ගිය සඳුදා දිනය  facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් සිටින බවයි. තොරතුරු යුගයේ තවත් අනන්‍යතාවයක් ලෙසට සටහන් වන සමාජජාලා භාවිතය තුල වඩාත්ම භාවිතාවක් ලබන සමාජ ජලාවක් වන්නට Facebook සමත්ව ඇති අතර

Wednesday, July 1, 2015

Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ

Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.

Sunday, June 14, 2015

Ask toolbar මෘදුකාංගය malware එකක් - Microsoft

 Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම සිදුවනු ඇති බවකි. එසේම මෙම මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් “unwanted software” ලෙසට ශ්‍රේනිගත වනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරන ලකුණු



BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.

Samsung සමාගමේ නවතම 55′ Transparent සහ Mirrored OLED පැනල

විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්‍රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදන එළිදැක්වීම මෙයට එක හේතුවක්.

Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.