Sunday, September 6, 2015

කුහුඹුවන් iPhone එක වටේ මේ විදියට ගමන් කරන්නේ ඇයි කියලා දන්නවද?


මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ iPhone දුරකතනයට ඇමතුමක් ලැබෙන විට කුහුඹුවන් එය වටා යම් පිළිවෙලකට ගමන් කරන ආකාරයයි. මේ හරහා සාමාන්‍ය YouTube ප්‍රේක්ෂකයන් පමණක් නොව ප්‍රවීණයන් පවා ව්‍යාකූල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න ඒ වීඩියෝව,

Tuesday, September 1, 2015

Google වෙතින් එන නව WiFi router ය



 ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ශාව පිලිබදව භාවිතාකරන්නාගේ අවධානය අනවශ්‍ය මට්ටමක සේවාවකට සූදානම් බවටයි පැහැදිලි වන්නේ. මීට අමතරව mobile app ඔස්සේ යුසර්නේම් හා පාස්වර්ඩ් සමග ආරක්ශිතව Android හා iOS සමග නෙට්වර්ක් වෙමින් එම ජාලය ඇතුලත දී පහසුවෙන් ගෝනු බෙදා හදා ගැනීමේ හැකියාවත් සමස්ථ ජාලයම remotely monitor  හැකියාවත් තවත් මෙහි වන සිත්ගන්නා සුලු ලක්ෂන වනවා.

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ



ගෙවී ගිය සඳුදා දිනය  facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් සිටින බවයි. තොරතුරු යුගයේ තවත් අනන්‍යතාවයක් ලෙසට සටහන් වන සමාජජාලා භාවිතය තුල වඩාත්ම භාවිතාවක් ලබන සමාජ ජලාවක් වන්නට Facebook සමත්ව ඇති අතර

Wednesday, July 1, 2015

Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ

Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.

Sunday, June 14, 2015

Ask toolbar මෘදුකාංගය malware එකක් - Microsoft

 Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම සිදුවනු ඇති බවකි. එසේම මෙම මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් “unwanted software” ලෙසට ශ්‍රේනිගත වනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.