දැනට අන්තර්ජාතික වෙළදපොළ නැබුරු වෙමින් පවතින්නේ Smartwatch වෙතටයි. ඒ සදහා සියළුම තාක්ෂණික ව්‍යාපාර වගේම දැනට ඔරලෝසු නිපදවන ව්‍යාපාර ද මේ සදහා සංවර්ධනය වෙමින් නොයෙක් දේ එලි දක්වනවා. මේ
සංකල්පය තාමත් ලෝකයට අලුත් එනිසා මේ නව අංගය වෙත යොමු කරගැනීම තමයි මේ සමාගම වලට තියෙන ප්‍රධානම ගැටළුව.
ඒ කෙසේවෙතත් ලෝකයේ හොදම ලැප්ටොප් නිපදවන සමාගමක් වන HP විසින් ස්මාර්ට්-වොච්සංවර්ධනය කිරීම සදහා යොමුවී තිබෙනවා. මේ සංවර්ධනය සම්පුර්ණ කිරීම සදහා ග්ලිට් (Gilt) නම් අන්තර්ජාල වෙළදසැල් ව්‍යාපාරයක් හා එක්ව කටයුතු කරනවා. ඒවගේම මේ ඔරලෝසු මෝස්තර නිර්මාණය වන්නේ මයිකල් බැස්ටියන් ගේ අතින්. ඔහු පවසන අන්දමට මේ Smartwatch මිලි මීටර් 44 ක මල නොබැදෙන වානේ රාමුවකින් හා මාරු කළ හැකි පටි වර්ග 4 කින්ද සමන්විතයි. ඒ පටි වර්ග වන්නේ කළු රබර්, දුබුරු ලෙදර් හා ඔලිව් කොළ පැහැයෙන් මෙලදී ගත හැකියි වගේම මේ සිමා සහිත ඔරලෝසු කට්ටලයක්ද නිපද වීමට නියමිතයි.
HP මෙය නිර්මාණය කරන්නේ ස්මාර්ට් විශේෂාංගද සමගයි. ස්මර්ට්ෆෝන් වෙත එන ඇමතුම්, මැසේජ් ඊමේල් පෙන්නුම් කිරීමටත් ස්මාර්ට්-ඔරලෝසුව හරහා සංගීතය වගේම වෙනත් App පාලනය කිරීමටත් හැකියාව තිබෙනවා.
Source - droidslk.com
Source - droidslk.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න