Friday, August 8, 2014

0% සිට 100% දක්වා තත්පර 30න් Charge කරන්න



ස්මාර්ට්ෆෝන් භාවිත කරන උදවියට තියෙන ලොකුම ගැටලුවක් තමයි බැට්රිය ඉක්මණින්ම චාර්ජ් කිරිමට සිදුවිම. සතියක් වගේ කාලයක් චාර්ජ් කිරිමකින් තොරව භාවිත කළ හැකි ස්මාර්ට්ෆෝන් එකක් හොයගන්න එක නම් අද කාලේ අමාරු දෙයක්.


චාර්ජ් කරන්නත් ඔබට අවම වශයෙන් පැයකට වැඩි කාලයක් යන බව ඔබ දන්නවනේ. ඒත් ඔබට පුලුවන්නම් තත්ත්පර ගණනකින් ඔබේ ස්මාර්ට්ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් කරගන්න? ඔබ පුදුමයට පත්වුණාද? ඒ කතාව තවදුරටත් හිනයක් නම් නොවේ. Shawn West විසින් තමයි මෙම සොයාගැනීම සිදුකර තියෙන්නේ. ඔහු විසින් තත්ත්පර 26 කින් 0% සිට 100% දක්වා සම්පූර්ණයෙන්ම චාර්ජ් විමට හැකියාව ඇති AA, A, C හා D ප්‍රමාණයේ බැට්රි නිපදවා තිබෙනවා. West වැඩිදුරටත් සදහන් කරන්නේ ඔහු විසින් නිපදවා ඇති මෙම බැට්රි වල තාක්ෂණය භාවිත කොට ජංගම දුරකතන සදහාත් ගැලපෙන බැට්රි නිපදවිමට ඔහුට හැකියාව ඇති බවයි.

මෙම නැවත ආරෝපණය කළ හැකි ( rechargeable ) බැට්රි කිහිප වතාවක් නොව දහස් වාරයක් පවා නැවත ආරෝපණය කිරිමේ හැකියාව ඇති බවට ඔහු සදහන් කරනවා. මේ වනවිට Kickstarter ඔස්සේ ඔහුගේ මෙම බැට්රි ව්‍යාපෘතිය සදහා ආධාර පැතිම සිදු කොට තිබෙනවා. ඉදිරියේදි මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් තත්ත්පර 30කින් වගේ 0% සිට 100% දක්වා සම්පූර්ණයෙන්ම ජංගම දුරකතන බැට්රියක් චාර්ජ් කරගන්න පුලුවන් වේවි.
Source - droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න