![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBds4xcCZFR4dacDaAO7bZCtrkepOBKa23reMvcA-GaOayO8KuFNXQxj6htMZD2eEmsSWjVFPCasMxq3JiIhcXqMThlyKh3cexXt18Hc36DjCaXsVbVdCD1jL9CQIgHpwreRz4O3D2Oo4/s280/usb-3.0-type-c-usb.jpg)
USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන
නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card වලට පිවිස පරිගණකයේ DNS setting වල වෙනස්කම් දක්වා වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.
Source - siriwansa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න