0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Thursday, August 21, 2014
Facebook Messenger වල ඇති භායානකම
ලෝකේ කොහේ හිටියත් කවුරුවුනත් බැරක් ඔබාමා ට පස්සේ ලෝකේම දන්නා නම තමයි Facebook. Facebook විනාඩි 5 කට නැවතුණත් අන්තර්ජාතික හදිසි ඇමතුම් අංකයට (911) එන ඇමතුම් ප්‍රමාණය 3 ගුණයකින් වැඩිවන්නට හේතුවී තිබෙන බව ඔබ දන්නවාද?
ඒ කෙසේවෙතත් ඔබ දැනටමත් Facebook Messenger එක භාවිතා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් Facebook App එකෙන් ඔබට නිතරම notification එනවා ඇති Facebook Messenger Install කරගන්න කියලා.
ඔබ දැනටමත් Facebook Messenger භාවිතා කරනවා නම් App එක Install කරන විට ඔබ නොකියවා හෝ ගාණක් නැතුව ඔබෙන් අවසර ගත්තේ මොනවාටද කියා ඔබ දන්නවාද? ඔබ ඒ මොහොතේ අවසර දුන්නේ තවදුරටත් ඔබට පෞද්ගලිකත්වයක් නැහැයි කියන්නයි. පහත දෑ කියවා පැවසු දේ කුමක්දැයි හදුනාගන්න.
නව Facebook Messenger Install කරන විට ඔබෙන් අවසරලබාගන්නේ මොනවටද? (ඔබ දැනටමත් මේ සදහා අවසර ලබා දී තිබේද?)
• ඔබේ උපාංගයේ ඇති ගිනුම් පරික්ෂා කරන්න
• ඔබේ phone book එක පරික්ෂා කරන්නට
• ඔබ සිටින තැන හදුනාගැනීමට හෝ යන මාර්ගය සටහන් කරගැනීමට
• ඔබේ SMS කියවීමට වෙනස් කිරීමට හා ඒවා යැවීමට හෝ එවීමට
• ඔබේ දුරකතනයෙන් call ලබාගැනීමට හා ඇමතුම් අතීතය කියවීමට
• ඔබගේ Phone එකේ හෝ Memory Card එකේ ඇති දා වෙනස් කිරීමට ඉවත් කිරීමට
• ඔබගේ ඉදිරිපස කැමරාවෙන් හෝ පිටුපස කැමරාවෙන් ඕනෑම වෙලාවක ඔබට නොදැනීම පින්තුර ලබාගැනීම වීඩියෝ කිරීමට
• හඩ පටිගත කිරීමට
මේ දේවල් වලින් ඔබට ගැළවී සිටීමට නම් හොදම විසදුම මේ වැනි දේයින් අයින් වීම පමණයි. හැබැයි Facebook Messenger විතරක් නෙවෙයි සන්නිවේදනය කරන්න තියෙන එකම මාධ්‍ය. ඔබට පුළුවන් මෙවැනි දේට එකග නොවී වෙනත් සන්නිවේදන මාධ්‍යක් හරහා තොරතුරු හුවමාරු කර ගත හැකියි.
Source - droidslk.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න