Tuesday, August 26, 2014

බිල් ගේට්ස්ගෙන් ජනපතිට පැසසුම්


ICTA ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ වලට තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා පවත්වාගෙන යන “නැණසල” ව්‍යාපෘතිය සඳහා බිල් ගේට්ස් හා මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිිලියනක (රුපියල් කෝටි 13ක් පමණ) මුදලක් ප්‍රදානය කර තිබෙනවා.


එපමණක් නොවෙයි, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ජනතාව සවිබලගැන්වීමට සහ විධිමත් සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන ඇති ක්‍රියාමාර්ග ලෝකයේ සෙසුනායකයන්ට ආදර්ශයක් බවත් Microsoft ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් ප්‍රකාශකර සිටියා.

දැනට නැණසල මධ්‍යස්ථාන 283ක් ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර ඒ හරහා දුෂ්කර ප්‍රදේශ වල ජනතාවට නොමිලයේ පරිගණක පහසුකම් හා අන්තර්ජාල පහසුකම් සපයනු ලබයි.

සෑම ජීවිතයකටම සමාන වටිනාකමක් ඇති බව විශ්වාස කරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එම දර්ශනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන නායකයෙකු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යභාරය අගය කරනු ලැබූ අතරම ඔහුගේ එම ප්‍රතිපත්තිය ලොව සියලු දෙනාට ආදර්ශයක් බව අවධාරනය කරනු ලැබූවා.
Source - syco.me

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න