Thursday, August 7, 2014

WhatsApp දැන් Android Wear වලටත්


ලොව ජනප්‍රියම messaging app එකක් වන WhatsApp හි නව වෙනස්කමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව නව WhatsApp ඇප් එක Android Wear සදහා සහය දක්වනවා. පළදින උපකරණ (Wearable Gadgets) සදහා ඇන්ඩ්‍රොයිඩ් වෙතින් නිර්මාණය කළ ඇන්ඩ්‍රොයිඩ්
සංස්කරණය වන Android Wear ගැන ඔබ මේ වන විටත් අවබෝධයක් ඇති යැයි අපි සිතමු. මෙම පහසුකම ලබාදිම තුලින් ඔබට Android Wear සහය දක්වන උපකරණ , උදාහරණයක් ලෙස ස්මාර්ට් ඔර්ලෝසු වැනි දේ සමග WhatsApp භාවිත කළ හැකි වෙනවා.

කටහඩ භාවිතයෙන් ඔබේ පළදිනා උපකරණයට ලැබෙන (Wearable Gadgets) WhatsApp පණිවිඩ වලට පිළිතුරු ලබාදිමද මෙමගින් සිදුකළ හැක . එසේත් නැත්නම් ඔවුන් විසින් ප්‍රොග්‍රෑම් කරන ලද පණිවිඩ ද ඔබට බාවිත කළ හැක (එනම් “Yes”, “No”, “HaHa” හා “LOL” යනාදිය)
Source - droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න