Sunday, May 24, 2015

තට්ටු ගොඩනැගිලි ඉදිකරන අලුත්ම චීන තාක්ෂණය මෙන්න

ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.

Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා.
Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ.
Source - http://techguru.lk/

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න