ඒ වෙනුවට Microsoft Edge පැමිණෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා ඉන්ටර්නෙට් Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Microsoft Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කලා.
වින්ඩෝස් ස්මාගම මෙසේ සිදුකර ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙත බහුතරයකගේ ඇති අකමැත්ත නිසාත් දැනට පවත්නා බාහිර වෙබ් බ්‍රවුසර් මෘදුකාංග ඊට ලොකු බලපෑමක් එල්ල කලනිසාත්ය. ගූගල් අයතනයේ ක්‍රෝම් වගේම ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් වලට නැති සුවිශේෂ අංග සමඟ Microsoft Edge ඔබ වෙතට ලබාදෙයි. මුලදී මෙය Project Spartan ලෙස හැඳින්වූ අතර නිල වශයෙන් මයික්‍රොසොෆ්ට් එඩ්ජ් ලෙස නම්කරන ලදී.
Source - http://www.aluth.com/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න