Thursday, April 10, 2014

Apple සමාගම ගැන නොදත් දේ

1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොසැන්ක්ස් හා රෝලන්ඩ් වේන් තුන්දෙනා 
එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කරන ලදි. ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර 
දෙකක් විකුණා ලබා ගත් ඩොලර් 1300 ක මුදලිනි. ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ ස්ටීව් ජොබ්ස් 
පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජයයි.

1955

පෙබරවාරි මස 24 දින ග්‍රීන් බේහීදී උපත ලද ස්ටීව් ජොබ්ස්ගේ පියා හා මව වුයේ සිරියානු ජාතිකයකු 
වු අබ්දුල් පට්ටහා ජනදාලි හා ජොආන් සිම්ප්සන්ය. 1972 දි Homested උසස් පාසලෙන් 
අධ්‍යාපනය ලබාගත් ඔහු ඔරිගන් හි පෝට්ලන්ට් පාසලට ඇතුලත් වු අතර එයින් ඉවත් වු ඔහු විදේශ 
සංස්කෘතින් පිලබඳ ඉගෙනීමට යොමුවිය. තාක්ෂණය ගැන වැඩි ඇල්මක් දැක්වු ස්ටීව් ජොබ්ස් වයස 21 
දි ඔහුගේ මිත්‍රයෙකු වුනු අවුරුදු 26 ක් වු විදුලි ඉංජිනේරුවකු වන ස්ටීව් වොසැන්ක්ස් හා එක්ව එකල Blue 
box හෙවත් ඉතා අඩු මිලට දුරකතන ඇමතුම් ලබා ගත හැකි වු කුඩා උපකරණයක් සාදන ලදි.

ඇපල් සමාගමේ මුල්ම නිෂ්පාදිත පරිගණකය නම් කෙරුණේ  Apple - I ලෙසටය. එය  මව් 
පුවරුවක් පමණි. වොස්නියැක් විසින්  මෙය සැලසුම් කොට රොනල්ඩ් වයන් සමඟ එක්ව තනා විකිණූ එය 
මිලදි ගත් පිරිසට ඉතුරු කොටස් එකතු කරමින් පරිගණකයක් තනා ගැනීමට සිදුවිය. මින් අනතුරුව 1977 
වර්ෂයේදී අප්‍රේල් මාසයේදී  Apple -II පරිගණකය නිකුත් කෙරුණි. මෙය අංග සම්පූර්ණ 
පරිගනයක් ලෙස ඉදිරිපත් කර තිබුණි. මෙය ලෝකයේ ජනප්‍රියම පරිගණකය බවට පත්වුණි. ප්ලාස්ටික් 
කවරයක් යෙදු අලංකාර පරිගණකයක් වන මෙය ඩොලර් 300 මිල වු අතර එහි 4Kb රැම් එකකින් යුතු 
විය.මෙම පරිගණකය අලෙවියන් ඇපල් සමාගමෙහි ආදායම ඇමරිකානු ඩොලර් කෝටි සියය ඉක්මවා 
ගියේය.

මින් පෙර භාවිතයට ගැනුණේ මවුසයක් නොමැති පරිගණකයි. එහෙත් 1983 දී ඉදිරිපත් කල ඇපල් 
ලීසා (Apple Lisa) පරිගණකයෙහි මුල්ම මවුසයේ ක්‍රියාකාරිත්වය සමගින් ගොඩ නන්වා තිබුණි. 
ඉන් පසුවට 1984 දී ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) වෙළෙදපොළට පැමිණියේය. 
ඇපල් සමාගමේ මේ සියලු නිර්මාණත් සමග වර්ධනයක් පෙන්වුවත්, සමාගම ඇතුළත විවිධ ගැටුම් වල 
ප්‍රතිඵලයක් ලෙස ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමෙන් පිටව ගොස් නෙක්ස්ට් ස්ටෙප් (NeXT Step) 
නමින් කොම්පියුටර් සමාගමක් පිහිටුවා ගත්හ.කෙටි කලකදී නෙක්ස්ට් ස්ටෙප් සමාගම දියුණුවට 
පත්වුණේය.දුර්වල කලමණාකරනයෙන් යුතුව කඩා වැටෙමින් තිබු ඇපල් සමාගමේ 1993 කටයුතු 
කල Gil amelio 1996 දෙසැම්බරයේ විශ්‍රාම යාමට පෙර ඩොලර් මිලියන 377 ගෙවමින් 
NeXT Step සමාගම මිලදි ගනිමින් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ විශේෂ උපදේශක බවට පත්කර 
ගන්නා ලදි. අවුරුදු 12 කට පසු නැවතත් ඔහු ආරම්භ කල සමාගමට පැමිණි ස්ටීව් ජොබ්ස් , 
Gil amelio ගේ විශ්‍රාම යාමත් සමඟ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්විය.

1976 දිම රෝලන්ඩ් වේන් හා එක්ව සමාගම සඳහා ලාංජනයක් නිර්මාණය කරන ලදි.එහි අයිසැක් 
නිව්ටන් යැයි කිව හැකි අයකු ගසක් යට වාඩිවි සිටින අයුරු දැක්වේ. රෝලන්ඩ් වේන් සති දෙකකින් එම 
සමාගමෙන් ඉවත් වීමත් සමඟ1977 දි මයික් මාර්ක්කුලර් සමග එක්ව ඇපල් ගෙඩියක කෑල්ලක් කා ඇති 
ආකාරයටත් එහි වර්ණ සඳහා දේදුන්නේ වර්ණ වැරදි අතට යොදා ගනිමින් නැවත නිර්මාණය කරන ලදි.
1997 දි නැවත සමාගමට එක්වීමත් සමග ස්ට්වී ජොබ්ස් එයටම ඝණ වර්ණයක් යොදා දැනට පවතින 
සලකුණ නිර්මාණය කරන ලදි.

වැටී තිබු සමාගම නැවත ගොඩගැනීම ලාංජනය වෙනස් කරමින්ම ආරම්භ කල ඔහු ඔවුන් හා වෙනත් 
සමාගම් හා තිබු ගිවිසුම් ඉවත් කරමින්ද, Printer, Scanner වැනි එම සමාගමේ ප්‍රධාන 
නිෂ්පාදන 19 න් 15 ක්ම නිෂ්පාදනය නවතා දමමින් පරිගණක ,ෆෝන් හා අතේ රැගෙන යා හැකි 
පරිගණක හා ඒවාට යම් යම් දෑ එකතු කරමින් දියුණු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස iPhone, 
iPad නිපදවිය.iPhone දැනට වැඩියෙන්ම විකිණෙන ෆෝන් වර්ගයයි. iPad නමින් 
ටැබ්ලට් වර්ගයද එසේමයි.

ඇපල් සමාගමට නව ජීවයක් ඇති කරලීමට හැකියි සිතා නව නිර්මාණ කරුවෙන් වන ජොනතන් අයිව් 
ඇපල් සමාගමට ගෙන්වා ගන්නා ලදි. ඇපල් ඇයිමැක් (iMac) සිට අපිපොඩ් (iPod) 
දක්වා වන යන්ත්‍ර නිර්මාණය මොහු විසින් සිදු කරනු ලැබුයේය. ජොනතන් අයිව් යනු පරිගණක 
උපන්ගෙයි හැඩය වෙනස් කල පුද්ගලයාය. මොනිටර්යක් නම් එය මේ හැඩයේය. යැතුරු පුවරුව 
මවුසය මේ සියල්ලටම නියමිත හැඩ එකල භාවිත වුණි. එහෙත් මේ සියල්ල බිද වට්ටමින් අලුත් තාලයට 
ගැලපෙන අයුරින් තම නිර්මාණ ලෝකයට බිහි කරමින් ජොනතන් අයිව්ගේ මහන්සියේ ප්‍රතිඵල වශයෙනි.
1967 දී ලන්ඩනයේ උපන් ජොනතන් අයිව් 1985 දී නිර්මාණ සැලසුම් ශිල්පය හදාරන්නට නිව්කාසල් 
පොලිටෙක්නික් ආයතනයට ගියේය. ලන්ඩනයේ ටැන්ගරීන් නිර්මාණ ආයතනයට එන්නට පුළුවන් කම 
ලැබුණේ ඉන් පසුවයි. ඇපල් පරිගණක ආයතනයට සේවා සැපයමින් සිටි ටැන්ගරීන් ආයතනයෙන් ඉවත්ව 
ඇපල් සමාගමට පැමිණෙන ලෙස ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් විසින් මොහුට ඇරයුම් 
ලැබුණි. 1992 දී ඔහු ඇපල් සමාගමේ නිර්මාණ අංශයේ උපසභාපති කළේය. මෙතන් පටන් මොහු 
ඇපල් සමාගමට සේවය කළේය. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වෙසෙන තවකතාකාරියක් වන හීධර් අයිව් 
නැමැත්තිය ජොනතන් අයිව්ගේ බිරිදය. මොහු විසින් ලෝකයට දායද කල නිර්මාණ බොහොමයකි. 
ඒවා පහත දැක්වේ. ඇයිභුක් (iBook), පවර්මැක් (Power Mac), පවර් බුක් (Power 
Book), මැක් මිණි (Mac Mini), අයි පොඩ් (iPod), අයිෆෝන් (iPhone) 
සමගින් මැක් බුක් එයා (Mac Book Air) වෙළදපොළට නිකුත් කෙරුණේ ජොනතන් අයිව්ගේ 
නිර්මාණාත්මට චින්තනය ලෝකය ඉදිරියේ මවිත කරමිනි.

පසුගිය මාසයේදි වයස 56 සපිරෙද්දී ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ විධායක නිලධාරී පුටුවෙන් ඉවත් 
වීමට ලිපිය ලබා දී තිබුනි. මේ ඉවත්ව යාම බොහෝ මාධ්‍ය  “යුගයක අවසානය “ ලෙසට දැක්වුවත් 
ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු දක්වා ඇත්තේ ඇපල් සමාගමේ දිප්තීමත් හා නිර්මාණශීලි භාවය ඇත්තේ 
තවත් ඉදිරියේදි බවත් වෙනත් තනතුරක සිට එදෙස සතුටින් බලාසිටින බවත්ය.ජොබ්ස්ගේ සමුගැනීමට 
පසු ටිම් කුක් (Tim Cook) ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්විය. මේ වන විට ඇපල් සමාගමේ
9736 වන සේවක පිරිසක් සේවය කරනු ලබයි.

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න