බිල් ගේට්ස් ලෝ ප්රකට මයික්රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ සහ එහි සභාපතිවන ලොකයේ කොටිපතියන් අතර දප්රමුඛස්ථානයක සිටින ඇමරිකානු ජාතික බිල් ගේට්ස් ගැන අසා ඇති. අද අපි ඔහුගේ ළමා වියට එබී බලමු.1955 ඔක්තෝබර් 28 දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් හි සියැටල් හිදී ඪඪඪ වන විලියම් හෙන්රි ගේට්ස් හෙවත් බිල් ගේට්ස් උපන්නේය.
ඪඪ වන විලියම් ගේට්ස් නම් වූ ඔහුගේ පියා නීතිඥයෙකු විය. මව මේරි මැක්ස්වෙල් ගේට්ස් නම් වූ අතර ඇය පාසල් ගුරුවරියක ලෙස සේවය කළාය. බිල් ගේ සීයා ගේ පියා රාජ්ය නීති සම්පාදකයෙකු ද නගරාධිපතිවරයකු ලෙස ද සේවය කළ අතර ඔහුගේ සීයා ජාතික බැංකුවේ උප සභාපතිවරයකු ලෙස සේවය කළේය.බිල්ට සොයුරියන් දෙදෙනෙකු ද විය. රජයේ ප්රාථමික පාසලක මූලික අධ්යාපනය ලැබූ බිල් ඉන්පසු පෞද්ගලික පාසලක අධ්යාපනය ලැබුවේය. එහිදී ඔහු පරිගණක මෘදුකාංග පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන්නට විය. එහි ප්රතිඵලයක් ලෙස වයස අවුරුදු 13 දී පාසලේ පරිගණකය සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම ඇරඹුවේය. පරිගණක පිළිබඳ දැඩි උනන්දුව නිසා බිල් සිය පාසල් මිතුරෙකු වූ පෝල් ඇලන් සමඟ හොර රහසේ හාවර්ඩ් විශ්ව විද්යාලයේ පරිගණක විද්යාගාරය තුළට ඇතුළු විය. පසු කලෙක ඔහුට එම විශ්ව විද්යාලයටමශිෂ්යයෙකු ලෙස ඇතුළත් වීමට ද හැකි විය. එහි ඉගෙන ගනිමින් සිටිය දී ඔහු පරිගණක මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා විශ්ව විද්යාල ජීවිතයෙන් සමුගත්තේය. පාසල් වියේ මිතුරු ඇලන් පෝල් සමඟ එක් වූ ඔහු 1975 දී පෞද්ගලික පරිගණක සඳහා මෘදුකාංගයක්නිර්මාණය කළෙය. ඉන්පසු බිල් ගේ නායකත්වය යටතේ පරිගණක මෘදුකාංගය වැඩි දියුණු විය.ලොව පුරා මෙම පරිගණක මෘදුකාංගය ජනපි්රය විය. ඉන්පසු බිල් ගේ ‘මයික්රෝසොෆ්ට්’ පරිගණක මෘදුකාංග සමාගම ලොව පුරා ජනපි්රය වන්නට විය. මෙය බිල්ට නොසිතූ වාසනාවක් ගෙන ආඅතර ඔහුට විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට ද හැකි විය. වර්තමානයේ ඔහු ප්රමුඛපෙළේ කෝටිපතියෙකු ලෙස ද ප්රකටය.
හර්ෂණී ගමගේ
source = http://www.danuma.lk
source = http://www.danuma.lk
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න