0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, June 17, 2014
Google වෙතින් ලොවටම නොමිලේ internet
ලොව වෙසෙන ජනතාවගෙන් තුනෙන් දෙකක් වැනි පිරිසකට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ප‍්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව විශ්වාස කිරීමට තරම් අපහසු කාරණයකි.
තවමත් offline සිටින බිලියන 4.8 ක් වූ එම ජනතාවට චන්ද්‍රිකා තාක්ෂණය මගින් අන්තර්ජාල පහසුකම නොමිලේ සැපයීම සඳහා ගූගල් (Google) ආයතනය තීරණය කර තිබේ.
එම ව්‍යාපෘතිය සඳහා චන්ද්‍රිකා 180 ක් පමණ භාවිතා කිරීමට ඔවුන් සැලසුම් කර සිටින අතර ගූගල් ආයතනය එම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් පමණ වියදම කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සාමාන්‍ය චන්ද්‍රිකාවන්වලට වඩා ඉතාමත් පහතින් එම චන්ද්‍රිකා පෘතුවියට ඉහළ අහසේ කක්ෂගත වේ.
ලෝකයට නොමිලේ ම අන්තර්ජාලය සැපයීම සඳහා වූ ෆේස්බුක් ආයතනයේ ප‍්‍රයත්නයට තරගකාරීත්වයක් ලබාදීමට එම ව්‍යාපෘතියෙන් ගූගල් ආයතනයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. (O3eb Network)හි නිර්මාතෘවරයාවන (Greg Wyler) නමැති නිලධාරියා ගූගල් ආයතනයේ එම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරයි. බොහෝ කෙටි කාලයකින් ගූගල් ආයතනය ලෝකය ම ආවරණය කරමින් නිර්මාණය කරන එම චන්ද්‍රිකා ජාලය මගින් ලෝකවාසී සියළු ජනතාවට අන්තර්ජාලය භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය තැබීමට හැකියාව පවතින බව බොහෝ විද්වතුන් පවසයි.
Source = http://sinhala.asianmirror.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න