අද දවසේ භාවිතා වන ස්මර්ට්ෆෝන් තිර පට (Screen Film) බොහොමයකම පිටත නිමවෙන්නේ indium tin oxide (ITO) වලින්. මේවා නිපදවීමට වැඩි වියදමක් හා සාමාන්‍යන් හීරෙන හා බිදෙන නිසා Ohio හි Akron විශ්
වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් නව තිර වර්ගයක් සොයාගෙන තිබෙනවා. මේ සොයාගත් නව තිරය නිසා නොදුරු අනාගතේ දී Screen එක repair කරන්න හෝ replace කරන්න අවශ්‍යතාවයක් වෙන්නෙත් නෑ, කුඩා දරුවෙකුට බය නැතුව තමන්ගේ ස්මර්ට්ෆෝන් එක දෙන්නට පුළුවන්, ලොකු මිළක් දීලා Screen Protector ගන්න ඕනෙත් නෑ. අවසාන වශයෙන් දැනට ස්මර්ට්ෆෝන් එකක් ගන්නකොට youtube එකෙන් Drop බලන්න ඕනෙත් නෑ. දැනට තියෙන ස්මර්ට්ෆෝන් තිර වලට වඩා රළු, නැමෙන සුළු වගේම අඩු වියදමකින් මෙය නිපදවිය හැකි බවත් දැනට තිබෙන Gorilla Glass හා Sapphire වලට වඩා මෙය බල සම්පන්න බවයි තමයි මේ පරීක්ෂකයින් පවසන්නේ. source = droidslk.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න