Friday, June 27, 2014

බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක සදහා Google වෙතින් විසදුමක්

ස්මාර්ට්ෆෝන් භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක. මේ සදහා විවිධ වශයෙන් විකල්ප පරිශිලක ඔබ විසින් භාවිත කරනවා. ඒ අතර battery saving ඇප්ස් වැනි දේ හැදින්විය හැකියි.

මෙම සතියේ පැවැති Google I/O හිදි Google සමාගම විසින් මෙම බැට්රි ප්‍රශ්නය සදහා විසදුමක් ලබාදුන්නා. ඒ මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමගම Project Volta ලෙස ව්‍යාපෘතියක් හදුන්වා දිමට ඔවුන් සූදානම්. මෙම Project Volta වැඩසටහන Android L සමග බලාගත හැකි වෙනවා.



ස්මාර්ට්ෆෝන් එක තුල ඇප්ස් මගින් බැට්රි බලයට කෙසේ බලපානවාද යන්න developers ලාට පහසුවෙන් සොයාගත හැකි වන ක්‍රියාදාමයක්ද ඒ අනුව තමන් නිර්මාණය කරන ඇප්ස් පාලනය කළ හැකි වන සේ සැකසිය හැකි විශේෂාංග ද මෙම Project Volta තුලට ඇතුලත් වි තිබෙනවා. Battery Historian යනු මෙහි ඇති එක් විශේෂාංගයකි. බැට්රි බලය අඩු වුණු කාල වකවානු පිළිබදව සවිස්තරව තොරතුරු එමගින් සපයන අතර බැට්රි බලය වැඩි වශයෙන් අඩු කිරිමට දායක වි ඇති දේවල් දැනගැනීමට developersලාට පුලුවන්කම ලැබෙනවා. මිළග අංගය ලෙස Job Scheduler API හැදින්විය හැකියි. මෙමගින් ඇප් එකට අදාල කාර්යයන් (tasks) කුමන කාල පරතර තුලදි සිදුවිය යුතුද යන්න තිරණය කිරිමට developers ලාට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඇප් එකට අවශ්‍යම කාර්යයන් ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් වන විට සිදුකිරිමට යොමු කළ හැකියි. එවිට බැට්රි බලය නිකරුනේ නාස්ති විමක් සිදුනොවේ.

ස්මාර්ට්ෆෝන් භාවිත කරන ඔබට ලැබෙන විශේෂාංග ගැන අවධානය යොමුකරමු. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම Battery Saver විශේෂාංගය තේරිය හැකියි. දැනට මෙම පහසුකම අදාල නිෂ්පාදන ආයතනය මගින් ඇතුලත් කරන අතර හැම ස්මාර්ට්ෆෝන් එකකම අන්තර්ගත නොවන අවස්ථා පවතියි. මෙම Battery Saver විශේෂාංගය තුලින් brightness එක අදාල ලෙස සැකසිම, background updates සිමා කිරිම ආදි කාර්යයන් රැසක් පාලනය කිරිම සිදුවනු ඇත. ඔබ ස්මාර්ට්ෆෝන් එක මගින් ලබාදෙන පහසුකම් ඔස්සේ බැට්රි බලය අවම විම පාලනය කිරිමට යොදන විශේෂාංගයන්ට වඩා වැඩි වෙනසක් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම හදුන්වාදිමට නියමිත මෙම Battery Saver ඔස්සේ ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් හි බැට්රි බලය වැඩි දවසක් පවත්වාගැනීම සදහා මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔස්සේ ලබාදෙන Project Volta විශේෂාංග ඔස්සේ ඔබට නව වෙනසක් අත්විදිය හැකි බවට නම් පැහැදිලියි. Project Volta ගැන වැඩිදුර තොරතුරු අපි ලැබෙන සැනින් ඔබට ගෙන එන්නට සූදානම්.
Source - droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න