Google වෙතින් පැළදිය හැකි ස්මාර්ට් උපකරණ හෙවත් wearable devices සදහා පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන Android Wear මීට මාස කිහිපයකට පෙර නිල වශයෙන්
හදුන්වා දුන් බවට ඔබ දන්නවා ඇති. මේ අනුව Samsung සමාගමේ පළමු Android Wear උපාංගය නිකුත් විමට සූදානම් බව වාර්තා වෙනවා.
ලබන සතියේදි පැවැත්විමට නියමිත Google I/O හිදි Samsung හි මෙම පළමු Android Wear උපාංගය නිකුත් වනු ඇති අතර මෙය ස්මාර්ට් ඔරලෝසුවක්. Google හි Android Wear මෙහෙයුම් පද්ධතිය භාවිත වන තුන්වැනි ස්මාර් ඔරලෝසු මාදිලිය ලෙස Samsung සමාගමේ නිකුත් විමට නියමිත මෙම ඔරලෝසුව හදුන්වා දි තිබෙනවා.
Exynos chip එකක් සහිත එක් ඔරලෝසු වර්ගයකුත් අනෙක Qualcomm chip එකක් සහිත ඔරලෝසු වර්ගයකුත් ලෙසින් මෙම ස්මාර්ට් ඔරලෝසුවේ සංස්කරණ 2ක් නිකුත් කිරිමට සූදානම් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
එමෙන්ම මෙම ස්මාර්ට් ඔරලෝසුව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සමග සම්බන්ධ කිරිමටද හැකියාව පවතිනවා.
Source - http://www.droidslk.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න