Sony පරිශිලකයින් සදහා අලුත් Xperia ස්මාර්ට්ෆෝන් එකක් පසුගිය සතියේ Sony සමාගම නිවේදනය කළා. ඒ Sony Xperia T3 ජංගම දුරකතනය. මිලිමිටර් 7 කින් යුතු සිහින් බවින් යුතු Xperia T3 ස්මාර්ට්ෆෝන් එක වඩාත්ම ජනප්‍රිය කලු හා සුදු වර්ණ වලින්. Xperia T3 අගල් 5.3කින් යුතු තිරයකින්ද
720 x 1280 pixel resolution (HD) එකකින් සමන්විතයි. ඒ වගේම quad-core Qualcomm Snapdragon 400 processor එකක් හා 1GB රැම් ධාරිතාවකින් යුතු Sony Xperia T3 ස්මාර්ට්ෆෝන් එක 8GB අභ්‍යන්තර මතකයකින් (internal storage) යුතු වෙනවා. Sony හි Exmor RS sensor එකකින් යුතු megapixel 8 ක කැමරාවකින් Sony Xperia T3 සමන්විතයි. මධ්‍යම ප්‍රමාණයේ මුදලකට ස්මාර්ට්ෆෝන් එකක් හොයන අයට Sony Xperia T3 වැදගත් වනු ඇති අතර වෙළදපොලට නිකුත් වන දිනයක් ගැන නම් තවම දැනුවත් කර නැහැ. source = droidslk.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න