Tuesday, September 1, 2015

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ



ගෙවී ගිය සඳුදා දිනය  facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් සිටින බවයි. තොරතුරු යුගයේ තවත් අනන්‍යතාවයක් ලෙසට සටහන් වන සමාජජාලා භාවිතය තුල වඩාත්ම භාවිතාවක් ලබන සමාජ ජලාවක් වන්නට Facebook සමත්ව ඇති අතර
විචාරකයින් පවසන්නේ සාප්‍රධායික මිනිස් සබඳතා ක්‍රම වෙදය වෙනස් කරන්නට එය සමත්ව ඇති බවයි. මේ අතර Fcaebook පවසන්නේ ඔවුන්ගේ personal assistant ‘M’ නිකුතුවකට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවකි.
අවසන් වරට නිකුත්වූ වාර්ථාවලට අනූව මේ වන විට Facebook භාවිතාකරන්නන් බිලියන 1.49ක් වන අතර එය 2014 වසරේ සමාන කාලය හ සැසඳීමේදී සියයට 13ක වැඩි වීමක් ලෙසට දැක් වෙනවා.
Source - http://itlk.us

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න