Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Friday, November 20, 2015
Sunday, October 11, 2015
Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි
Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි. 6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.
abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි
Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.
පුද්ගලයෙකු විනාඩි කිහිපයකට “Google.com” $12 කට මිලදී අරගෙන
හිටපු Google සේවකයෙකු වන Sanmay Ved හට අමුතුම ආකාරයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. Google.com domain එක කෙටි කාලසීමාවකට ඔහුගේ නමට ලැබිලා තිබෙනවා. ඒ මිලියන හෝ බිලියන ගණනකට නොවේ. කුඩා $12 කට. රුපියල් වලින් නම් ආසන්න වශයෙන් රු.1700 කට. ඔහුගේ මේ අත් දැකීම ඔහු තම Linkedin තුල සඳහන් කරලා තිබුනා.
Sunday, September 6, 2015
Cortana සමග භාෂා පරතරය ජයගමු
තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
Subscribe to:
Posts (Atom)




