ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සත් වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම සිදු වෙන දිනය අදයි. ඡන්ද ප්‍රතිපල පිලිබඳ විවිධ වූ කතා පසුගිය දින කිහිපය පුරාවට පැතිරුණා. www.lankaenews.com වෙබ් අඩවිය විසින් පළ කර තිබු තොරතුරකට අනුව කියැවුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් හි terminal line වල මුරපද (password) දන්නා අයට ඡන්ද ප්‍රතිපල වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවයි.
නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් හි කණ්ඩායම් විධායක නිලධාරීතුමා විසින් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඡන්ද කොමසාරිස්වරයාද මේ පිලිබඳ දැනුවත් කර තිබෙනවා.
මෙයට පිළිතුරු ලෙස ඡන්ද කොමසාරිස්වරයා පවසා සිටින්නේ එම වෙබ් අඩවියේ පළ වූ ආරංචිය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත සියලු විදුලි සංදේශ කටයුතු බාර දී ඇත්තේ ටෙලිකොම් සමාගමේ විශ්වසනීය හා ගුණාත්මක බව නිසා බවයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙබ් අඩවියෙන්.
Source - http://technews.lk/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න