Saturday, January 10, 2015

1 Gbps download වේගයක් නිවසට ගෙනෙන්නට Comcast සැරසේ

 Broadcom වෙතීන් එන නවතම BCM93390 chip පත සමග DOCSIS 3.1 ප්‍රමිතියට ගොඩ නැගෙන සෛද්ධාන්තිකව 1 Gbps download වේගයක් ගෙනෙන gigabit Internet service එකක හඳුන්වාදෙන්නට Comcast කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් ඉතා සීමිත ප්‍රදේශයන්ට පමනක් සේවාය ලබා දෙමින් සිටින Google වල Fiber සේවයට සමාන සේවාවක් මේ ඔස්සේ භාවිතාකරන්නා වෙතට ලබා දෙන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තුව පලකරන්නේ.
ඔවුන් පැහැදිලි කර සිටින්නේ download වේගය 1Gbps වේගයකට ගෙනෙන්නට හැකි වුවද upload වේගය 200-250 Mbps ප්‍රමානයක රඳන්නට එම chip පත තාක්ශනය සමග සිදුවනු ඇති බවකි. මෙම ප්‍රකට ඇමරිකානු Comcast ආයතනය දැනට සපයන සාමන්‍ය download වේගය 150 Mbps පමන වන අතර දැනට භාවිතාවන home modems සමග වන 3.0 ප්‍රමිතීය DOCSIS 3.1ප්‍රමිතිය සදහාද ගැටලුවක් නොවනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.
Source - http://itlk.us

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න