Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්
වූ අයිෆෝන් 6,අයිපෑඩ් සහ ඇපල් Pay ද මේ සඳහා බලපා ඇතැයි පැවසේ.මීට අමතරව මයික්‍රොසොෆ්ට් සන්නාමය දෙවන ස්ථානයේ ද ගූගල් සන්නාමය තෙවන ස්ථානය ද ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Forbes සඟරාව පවසා ඇත්තේ ඇපල් උපාංග සමඟ කරට කර තරග කළ හැකි උපාංග වෙනත් සන්නාම වලින් නිකුත් වුව ද ඇපල් ලෝලීන් දිගු කාලීනව ඇපල් සන්නාමයත් සමඟ රැඳී සිටින බව ත් එම නිසාම එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන බවත් ය.
Source - http://www.applesinhalen.com/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න