Microsoft සමාගම මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් අද හදුන්වාදෙනු ලැබුවා. Nokia 215 ලෙස නම් කර ඇති එම ස්මාර්ට්ෆෝනයේ මිළ ඩොලර් 29 යි. එය ආසන්න වසයෙන් ලංකාවේ මුදලින් රුපියල් හාරදහසක් පමණ වෙනවා. Facebook, Messenger, Twitter, Opera Mini සහ තවත් ජනප්‍රිය Apps බොහොමයක් මෙම නව Nokia 215 ස්මාර්ට්ෆෝනය සමග බාවිතා කල හැකියි. මූලික විශේෂාංගයන්ගෙන් පමණක් සමන්විත මෙන්ම අඩු මුදලට ස්මාර්ට්ෆෝන් එකක් මිලදීගැනීමට බලාපොරොත්තු වන
ආරම්බක මට්ටමේ පරිශීලකයින් සදහා මෙම නව Nokia 215 දුරකථනය හොද තේරීමක් විය හැකියි.
Nokia 215 උපාංගය වෙළදපලට පැමිණෙන්නේ අගල් 2.4 ක QVGA 320 x 240 pixel display screen එකක්, 0.3 MP පසුපස කැමරාවක්, built-in torch එකක්, MP3 Player එකක් හා FM Radio, Bluetooth වැනි විශේෂාංගද සමගයි. ඒ වගේම මෙම මොබයිල් දුරකථනය දින 29ක battery backup එකක් ලබා දෙන බවද සමාගම සදහන් කර තිබෙනවා. Nokia 215 ස්මාර්ට්ෆෝනය ආසියාව, අප්රිකාව හා යුරෝපය තුළ අලෙවි කිරීමට නියමිතයි.
Source - http://technews.lk
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න