Facebook කියන්නේ නිතරම වගේ වෙනස්කම් වලට බාජනය වෙන සමාජ ජාල වෙබ් අඩවියක්. හැමවිටම භාවිත කරන්නන් හට පහසුවෙන නව විශේෂාංග Facebook වෙතින් එක්කිරිමත් ලොව පුරා මෙම වෙබ් අඩවිය ජනප්‍රියතම වෙබ්
අඩවියක් බවට පත්වෙන්න හේතුවක් බවට පත්වෙලා තියෙනවා.
Facebook භාවිත කරත් සමහර විට ඔබ කාර්යබහුල කෙනෙක් වෙන්න පුලුවන්. Facebook එකේ ඔබට වැදගත් වෙන දෙයක් ඔබ එය දකින මොහොතේදි බලන්න අවස්ථාවක් නැත්නම් ඔබ මොකද කරන්නේ.එක්කෝ ලින්ක් එක කොපි කිරිමක් කර ගන්න ඕන. මේ වැඩේ ටිකක් අපහසු නිසා මෙයට පහසුවක් වෙන්න නව අංගයක් ඊයේ දිනයේදි Facebook වෙතට එකතු කොට තිබෙනවා.
ලින්ක්ස් , places හෝ music වැනි දේ Facebook තුල ඔබ දැක්ක ගමන් පසුවට බලන්න පුලුවන් වෙන්න “Save” නමැති නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙම “Save” විශේෂාංගය පුද්ගලිකව ඔබට හැසිරවිය හැකි අතර ඔබ Save කරන විශේෂාංග මිතුරන්ට පෙන්විමක් සිදුවන්නේ නැහැ. එහෙත් ඔබට අවශ්‍ය නම් share කිරිමක් කළ හැකියි.
ඔබ දකින post එක තුල දකුණු පස ක්ලික් කිරිම තුලින් එහි ඇති “Save” විශේෂාංගය තේරිය හැකි වෙනවා. ඒ වගේම ඔබ කැමති pages ද save කළ හැකියි.
ඔබ පරිගණකයක් ඔස්සේ Facebook සම්බන්ධ වන කෙනෙක් නම් එහි වම් පස ඇති කොටසේ ‘Saved’ ලෙස ඇති විශේෂාංගය තේරිම තුලින් ඔබ විසින් save කර ඇති ලින්ක්ස් , ස්ථාන ….ආදිය බැලිය හැකියි.
ස්මාර්ට්ෆෝන් ඇප් එකක් ඔස්සේ සම්බන්ධ වෙන කෙනෙක් නම් “More” යන tab එක ක්ලික් කිරිම තුලින් ඔබ save කර ඇති දේවල් බලා ගත හැකිවෙනවා.
මෙම පහසුකම පරිගණකය ඔස්සේ Facebook සම්බන්ධ වෙන්නන්හට හා Android හා iOS භාවිත කරන්නන් හට ලබාදිමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.
කාර්යයබහුල තත්ත්වයන් තුල Facebook එකට සම්බන්ධ වෙන අයට මෙම විශේෂාංගය බෙහෙවින් වැදගත් වනු ඇත. ඉදිරි දින කිහිපය තුල ලොවපුරා Facebook පරිශිලකයින්ට මෙම වැදගත් විශේෂාංගය අත්විදිමට හැකි වෙනු ඇත.
Source - droidslk.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න