0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Saturday, July 26, 2014
සැම්සුන් ළමා ශ්‍රමීකයින් යොදාගන්නා බවට චෝදනා
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම, නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය යොදාගන්නා බවට චෝදනා එල්ලවූ චීන සැපයුම්කාර සමාගමක් සමග ව්‍යාපාර කටයුතු කිරීම තාවකාලිකව අත්හැරදමා ඇත.
මෙම චෝදනා තහවුරු වුවහොත් අදාළ ආයතනය සමග කටයුතු කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බව සැම්සුන් සමාගම පවසයි.
ලොව විශාලතම තාක්ෂණ සමාගම වන සැම්සුන් පවසන්නේ China Labor Watch (CLW) නම් ආයතනය පළ කළ වාර්තාවක Dongguan Shinyang Electronics Company නම් චීන සමාගම වයස අවු. 16ට අඩු ළමුන් සේවයේ යොදවාගන්නා බව සඳහන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.
CLW වාර්තාව පළවූදාට පසුදින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවක එම කර්මාන්ත ශාලාවේ සේවය කළ වයස අවු. 14 හා 15 බැගින්වූ දැරියන් තිදෙනකුගේ සම්මුඛ සාකච්ඡා ඇතුලත්ව තිබුනි.
නිව්යෝර්ක් හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රකාශකලේ ළමා ශ්‍රමය යොදාගැනීමට අමතරව වැටුප් ගෙවීම ප්‍රමාද වීම, අධික ලෙස අතිකාල සේවයේ යෙදවීම සහ නිසි සමාජ ආරක්ෂණයක් හා පුහුණුවක් නොමැතිවීම යන චෝදනාද ඇති බවයි.
සැම්සුන් සමාගම පැවසුවේ මෙවැනි නීති විරෝධි ක්‍රියා වැලැක්වීමට ඉදිරියේදී තම සැපයුම්කරුවන් පිළිබඳව පරීක්ෂාකාරි වීම තවත් දැඩිකරන බවයි.
මේ අතර ඇපල් සමාගමේ සැපයුම්කරුවන් පිළිබඳ වාර්ෂික විගණන වාර්තාවේ, ළමා ශ්‍රමය යොදාගැනීම් 23ක් වාර්තා වී ඇත. එම ළමුන්ට වන්දි ගෙවා ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඇපල් සමාගම අදාල සමාගම් වලට නියෝග කර ඇත.
Source -http://www.coolopen.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න