මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් ඇමරිකානු සමාගමක් විසින් කාන්තාවන්ගේ සිරුරට ඉලෙක්ට්‍රෝනික චිපයක් ඇතුළු කර එමගින් උපත් පාලනය සිදු වෙන නව ක්‍රමයක් හදුන්වා දී ඇත.2018 වසරේ දී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට නියමිත ය.
තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වල ශල්‍යකර්මයක් කර මෙම මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ චිපය සිරුරේ තැන්පත් කල යුතු ය.
චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද එම කුටි වල වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත ලෙවොනොර්ගෙස්ටේරල් හෝමෝනය ද ඇතුළත් කර ඇත.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියෙන් සිදුවේ.ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගිනි.
මෙය භාවිතා කරන්නාට තමන් ට අවශ්‍ය ඕනෑ ම විටක දී දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය කි‍්‍රයාත්මක කර ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටේරල් රුධිරයට එකතු වීමය.
කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක් වීමට චිපයේ කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටේරල් රුධිරයට එක් කිරිමෙන් උපත් පාලනය කර ගැනීමට හැකිය.එක් චිපයක් මගින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.
Source - coolopen.lk
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න