Saturday, July 26, 2014

මයික්‍රොසොෆ්ට් සමාගමේ රැකියා කප්පාදුවක්


මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක සත්‍යා නඩෙලා ගේ ඵලදායිතාව ඉහල නැංවීමේ වැඩ පිලිවෙලට අනුව 18000ක් වූ සමාගමේ විශාලතම රැකියා කප්පාදුව ලබන වසරේ සිදු කිරීමට නියමිතය.


"අපේ අරමුණු වලට අනුව ආයතනය ගොඩ නැංවීමට නම් පළමු පියවර විය යුත්තේ ශ්‍රම බලකාය ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙය සිතෙ තබගෙන අපි අපේ ශ්‍රම බලකාය 18000කින් ලබන වසරේ අඩුකිරිම අරඹනවා." සත්‍යා නඩෙලා Business Insider සඟරාවට ප්‍රකාශ කරතිබුණි. 

මේ අනුව මයික්‍රොසොෆ්ට් ශ්‍රම බලකාය 14% කින් පමණ අඩුවනු ඇත.මෙම රැකියා කප්පාදුව ඉතාම පරීක්ෂාකාරීව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවට නඩෙලා සහතික වූයේය.

"මේ ප්‍රතිසංස්කරණවලින් බලපෑම්වන සියළුම සේවකයින්ව අපි ඉවත් කරනවා. ඒ වගේම මාරුවීම්ද ලබාදිය හැකියි. සෑම සේවකයෙකුටම තමන් මේ ආයතනයට කළ සේවයට සරිලන සැලකිල්ලක් බලාපොරොත්තු විය හැකියි." ඔහු ප්‍රකාශ කලේය. 

සමාගම මීලඟ මාස 6 තුල පළමු සේවකයන් 13000 ඉවත් කිරීමටත්, වැඩි පිරිසකට සේවයෙන් ඉවත් කරන බවට නිවේදන ලබා දෙන්නටත් බලාපොරොත්තු වන බවත් වාර්තාවේ සඳහන්වේ.

"මේ අතර අපි නොකියා සමාගම හා එක්ව ඇරඹූ Nokia Devices and Services සමාගමෙන් නව වෘත්තීය හා කර්මාන්ත ශාලා සේවක රැකියා අවස්ථා 12500ක් පමණ නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා" එහි තව දුරටත් සඳහන්වේ.

පසුගිය වසරේ පාඩු ලැබූ පින්ලන්තයේ නොකියා සමාගම එහි ජංගම දුරකථන අංශයෙන් ඩොලර් බිලියන 4.7ක කොටසක් මයික්‍රොසොෆ්ට් සමාගමට පැවරීමට තීරණය කර තිබුණි. 

නොකියා සමාගම රටින් පිටට යාම රටට මහත් වේදනාකාරී වූවක් ලෙස  එරට අගමැතිවරයා දුටුවේය. ඔහු නොකියා සමාගම හැඳින්වූයේ 'පින්ලන්තයේ ආර්ථික ආශ්චර්යය' ලෙසය.

Nokia Devices and Services සමාගම එක්වීම  මයික්‍රොසොෆ්ට් සමාගමේ උපක්‍රමික ඉලක්කයක් බව නඩෙලා පැවසුවේය. ඉන්දියානු සම්භවයක් ඇති සත්‍යා නඩෙලා ප්‍රධාන විධායක තනතුරට පත්වූයේ පසුගිය පෙබරවාරියේ ස්ටීව් බෝල්මර් ගේ අනුප්‍රාප්තිකයා ලෙසය.

 ඊට පෙර ඔහු සමාගමේ පරිගණක වේදිකා සහ සංවර්ධන මෙවලම් අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කලේය.මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසා සිටියේ සමාගම මෙහෙයවීමට සත්‍යා නඩෙලාට වඩා සුදුස්සෙකු නැති බවයි.
Source - http://www.coolopen.lk


No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න