Saturday, July 19, 2014

Selfie සදහාම වෙන්වූ හොදම smartphone එක


“Selfie” කියන වචනය ගිය වසරේදි Oxford ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුලත් වුණා. තනිවම හෝ යහලුවන් පිරිසක් සමග තමාවිසින්ම ලබාගන්නා ඡායාරූපයක් “Selfie” යනුවෙන් හදුන්වනවා. Selfies කියන දෙය අද උන්මාදයක් බවට පත්ව තිබෙන බව ඔබ කවුරුත් දන්නවා. කොහේ ගියත් selfie එකක් ගන්න නම් තරුණ තරුණියන් අමතක කරන්නේ නෑ. selfie
වලට ආදරය කරන හැමෝටම සුබ ආරංචියක් ගෙන එන්නයි මේ සූදානම.



selfie සදහාම වෙන්වූ හොදම smartphone එක යන නාමය යටතේ “the world’s best selfie smartphone” ජංගම දුරකතනයක් නිකුත් කිරිමට ලොව ප්‍රකටම Sony සමාගම කටයුතු කරනු ලැබුවා. මෙය Sony Xperia C3 ලෙස නම් කර තිබෙනවා. අගල් 5.5 කින් යුතු මෙම ස්මාර්ට්ෆෝන් එක අද ද නියේදි නිල වශයෙන් තායිවානයේදි නිකුත් කරනු ලැබුවා.

මෙහි මෙගාපික්සල් 8 ක කැමරාවක් පවතින අතර පුලුල් පරාසයක් ආවරණය කළ හැකි , ඉදිරි පස කැමරාවකින් යුක්තයි. Xperia C3 ස්මාර්ට්ෆෝන් එක 5MP පසුපස කැමරාවකින් සමන්විතයි. ඒ වගේම “soft LED flash” එකකින් යුතු මෙම ස්මාර්ට්ෆෝන් එකට දිවා රාත්‍රි ඕනෑම වෙලාවක හොදම ඡායාරූපයක් ඔබට ලබාදෙන්නට හැකියාව පවතිනවා. ඉදිරිපස කැමරාවෙහි Superior Auto mode පහසුකම වර්ධනය කළ පළමු Sony ස්මා්ර්ට්ෆෝන් එක බවට ද මෙය පත්වනවා.
හොදම තත්ත්වයෙන් යුතු selfie එකක් ගැනිම සදහා මෙම ස්මාර්ට්ෆෝන් එකට විශේෂ මෘදුකාංග කිහිපයක් ඇතුලත් කර ඇති බවයි Sony සමාගම පවසන්නේ. එනම් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකට වඩා මෙහි ඇති කැමරා විශේෂාංග වැඩි අතර එමගින් ඔබට හොදම ආකාරයේ selfie එකක් ලබාගත හැකි වෙනවා.

මෙහි අගල් 5.5 ක LCD තිරයකින් හා 1280×720 resolution එකකින් පවතිනවා. එමෙන්ම quad-core Snapdragon processor එකක් සහිතයි.මිට අමතරව 2500-mAh බැටරි ධාරිතාවකින් යුතු Xperia C3 ස්මාර්ට්ෆෝන් එක selfie සදහාම වෙන්වූ පළමු ස්මාර්ට්ෆෝන් එක බවටද පත්වෙනවා.

Source -  http://www.droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න