Monday, July 21, 2014

Android Phone වල තියන Sensors ගැන


Android Phone වල තියන Sensors ගැන
අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින්
වෙනවා.

Sensor එකක් යනු කුමක්ද ?

එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය,  . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි  සංඥා නිකුත් කල හැකි උපකරණයකි.  වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.

Android දුරකථන වල ඇති Sensors වර්ග

Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය

මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.

උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.

මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.

Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය

වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.

මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.

උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.

Accelerometer - ත්වරණ ආමාන සංවේදකය

Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.

මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා

Compass - මාලිමාව

සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.

Gyroscope

වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.

මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.
Source - apiandroid

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න