0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Saturday, July 12, 2014
Gmail දැන් සිංහලෙන්
ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ.
ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට
ගූගල් සමත්ව වී තිබේ. නව භාෂා 13ත් සමග ජී මේල් භාවිතා කල හැකි භාෂා ගණන 71 දක්වා ඉහලගොස් තිබේ.
ජී මේල් වෙත එක්වූ අලුත් භාෂා වනුයේ
Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala, Zulu යන භාෂා වේ.
ඒ අනුව දැන් ඔබටත් ඔබගේ ජී මේල් ගිණුම සිංහලෙන් භාවිතා කල හැකිය. ඒ සඳහා ඔබගේ ගිණුම සකස් කරගැනීමට පහත උපදෙස් පිළිපදින්න
ජීමේල් වෙත යන්න
දකුණු පසින් ඇති Settings ලකුණ වෙතගොස් click කරන්න.
ඉන් Settings තෝරන්න.
ඉහලින්ම ඇති “Gmail display language” මෙනුවෙහි “Language” යටතේ "සිංහල"තෝරන්න.
පහතින්ම ඇති Save Changes click කරන්න.
(ලිපිය උපුටා ගැනිම නෙත් fm)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න