0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, July 22, 2014
විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!
විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!
ප‍්‍රංශ සිසුන් පිරිසක් කාරෙකක් තනා තියෙනවා එක් විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්.
කාබන් තන්තුවලින් තනා ඇති මේ කාරය නම් කර තියෙන්නෙ මයික්‍රෝජූල්
(Microjoule) කියලයි. බර කිලෝමීටර 35ක් බරයි. ලන්ඩනයත් මැන්චෙස්ටර් නගරයත් අතර ඇති කිලෝමීටර 320ක දුර යන්න පැන්ස 12ක මුදලක් විතරයි වැය වෙන්නෙ.
ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහනය තෝරන්න යුරෝපීය ෂෙල් සමාගම පැවැත් වූ ඉකෝ-මැරතන් තරගයෙන් දිනුවේ මේ සුපිරි සැහැල්ලූ මොටෝ රියයි.
ප‍්‍රංශ සිසුන් පිරිසක් තැනූ මේ මයික්‍රෝජූල් කාරෙකෙන් එක ඉන්ධන ලීටරයකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන තරම් දුරක්.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම්වල ධවන පථයක පරීක්ෂණ ධාවනයකින් පසු විනිසුරුවන් මේ කාරයට ලීටරයකින් කිලෝමීටර 3,330ක් එනම් ගැලූමකින් සැතැපුම් 9,400ක් දුර යා හැකි බව සහතික කළා.
එනම් සැතැපුම් 24,901ක දුරක් ඩොලර් 26ක් වැනි මුදලක ඉන්ධනවලින් යා හැකි බවයි.
මේ මයික්‍රෝජූල් කාරය තනා ඇත්තේ බටහිර ප‍්‍රංශයේ නැන්ටේවල පිහිටි ලා ජොලිවරි විදුහලේ (La Joliverie College) සිසු පිරිසක්. පසුගිය සතියේ මේ තරගය සඳහා තරග කණ්ඩායම් 200ක් පමණ සහභාගි වුණා.
මේ මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගත්තේ උසින් අඩුකමත් වායුවට ප‍්‍රතිරෝධය අඩුවීමත් නිසයි. එහිදී ඇතිවන පහසුවෙන් ඇදී ගුණය නිසා නිදසුනක් වශයෙන් ඔබ රථය නැවැත්තුවද රෝදය තව ටිකක් වේලා නොනැවතී දුවනවා.
විනිසුරුවන් සහතික කළා මෙම රියට ලෝකය වටේ පුළුල්ම තැනින්, නිරක්ෂයේ දී සැතැපුම් 23.901ක් දුර ඩොලර් 26ක් වටිනා ඉන්ධනවලින් යත හැකි බව.
ෂෙල් සමාගම ඔවුන්ගේ මේ ව්‍යාපෘතියෙන් අන්තර්ජාතික සිසුන් දිරිමත් කරනවා පරිසරයට හිතකර වාහන නිපදවන්නට.
මයික්‍රෝජූල් කාරෙකක බර කිලෝ ග්රෑම් 35 (රාත්තල් 77) යුරෝපයේ සාමාන්‍ය පවුලේ මොටෝරියකට වඩා 33 ගුණයක් සැහැල්ලූයි.
චැසිය තනා ඇත්තේ තාබන් තන්තුවලින්. ඒ නිසා සැහැල්ලූ වගේම සවිමත් බවෙනුත් වැඩියි. එහි හැඩය වතුර බින්දුවක් වාගෙයි.
ගගන විද්‍යාත්මකව තනා ඇති නැහැය කොටස වර්ග අඩි 3.3ක්.
මේ කාරය සැලසුම් කර ඇත්තේ පැට්රල් හෝ එතනෝල් වලින් ධාවනය කර විය හැකි විධියටයි.
මේ මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගත්තේ උසින් අඩුකමත් වායුවට ප‍්‍රතිරෝධය අඩුවීමත් නිසයි. එහිදී ඇති වන පහසුවෙන් ඇදී ගුණය නිසා නිදසුනක් වශයෙන් ඔබ රථය නැවැත්තුවද රෝදය තව ටිකක් වේලා නොනැවතී දුවනවා.
ඇම්ස්ටර්ඩෑම් හොජ්ස්කූල් හී ශිෂ්‍යයන් ඔවුන්ගේ එච්2ඒ නම් විදුලි රියෙන් ධාවන වාර්තාවක් තැබුවා, කිලෝවොට් පැයකට සැතැපුම් 266ක් (කිලෝමීටර 428.5ක්) ධාවනය කරමින්. ඔවුන්ගේ ඒ හපන්කම අනුව පෘථිවියේ සමකය වටේ යන්නට ඔවුන්ට වැය වන්නේ පවුම් 16ක (ඩොලර් 27ක) විදුලි බිලක් විතරයි.
නගරයේ භාවිත කරන වාහන අතරින් ජයග‍්‍රාහකයන් වුණේ ප‍්‍රංශයයි. වයඹදිග ප‍්‍රංශයේ කොන්යැක්හි ලූයී ඩිලාජ් විදුහලේ කණ්ඩායම මෙහි දී ජයග‍්‍රහණය කළේ ලීටරයකින් කිලෝමීටර 468ක දුරක් යා හැකි කාරයක් නිපදවීමෙන්.
මේ මයික්‍රෝජූල් රිය තැනූ පිරිසේ එක් සිසුවෙක් කීවේ, ”මේ කාරයට අන්තර්දහන එන්ජිමක් තියෙන්නෙ, සාමාන්‍ය ඉන්ධනවලින් දුවන්නෙ.” කියායි.
මේ කාරය සැලසුම් කර ඇත්තේ පෙට්රල් හෝ එතනෝල් යොදා ධාවන කළ හැකි වන විධියටයි.
මෙහි චැසිය තනා ඇත්තේ කාබන් තන්තුවලින්. ඒ නිසා ඉතා සැහැල්ලූයි, ඒ වගේම ඉතා සවිමත්.
Source - malkakulu.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න