Friday, July 18, 2014

Facebook ඔවුන්ගේ ඇප්ස් සදහා නව lockscreen notification එකක් අත්හදා බලයි




Facebook කියන්නේ නිතරම වෙනස්කම් වලට බදුන් වන සමාජ ජාලයක්. ඔවුන් සෑමවිටම නව විශේෂාංග හා design රටාවන් පරික්ෂණය කරනවා. මෙය බොහෝ විට කරන්නේ පරිශිලකයින්ට ලබාදෙන්නට පෙර වන අතර පරික්ෂකවරුන් (testers) කිහිපයක් අතර මෙම විශේෂාංග පරික්ෂණයට ලක් කරනවා.


මේ වනවිට ලැබෙන ආරංචි මාර්ග අනුව Facebook ඔවුන්ගේ ඇප්ස් සදහා නව lockscreen notification එකක් අත්හදා බලමින් සිටින බව වාර්තා වෙනවා. මොවුන් විසින් පරික්ෂණය කරමින් ඉන්නේ Android L හි පෙන්නුම් කළ කාඩ් එකක ආකාරයට වන notification එකකුයි. ඉහතින් ඔබට පෙනෙනුයේ Facebook විසින් test කරමින් සිටින නව lockscreen notification එකේ පෙනුමයි.

මෙහි දැක්වෙන්නේ එක notification එකක් වන අතර ඔබට notification කිහිපයක් ආවොතින් එය අඩුක් කරන ලද කාඩ් ගොඩක් ආකාරයට එනම් stacked cards ආකාරයකින් පෙන්නුම් කරන බවටයි සදහන් වන්නේ.

Android L පෙනුම ඇති මෙම lockscreen notification නව විශේෂාංගය තවමත් පරික්ෂණය කරමින් සිටින බවට Facebook සමාගම තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය වැඩිදියුණු වි Facebook ඇප් වලට එක් වේවිද නැද්ද යන වගනම් තවමත් නිශ්චිත නැහැ.
Source - droidslk.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න