Saturday, April 12, 2014

නව යාවත්කාලීනය සමග වින්ඩොස් 8 සමබර භාවිතාවකට

මයික්රසොෆ්ට් සමාගම වින් 8 හදුන්වාදීමේදී තම ප්රධන මෙහෙයුම් පද්ධතිය සදහා ගැටලු දෙකක් නිර්මානය කරගත්තාය. එකක් දැඩි අසංවේදී ආකාරයට KeyBoard , Mouse භාවිතාකරන්නන් ගෙන් මෙහෙයුම් පද්ධතිය ඉවතට ගමන් කරවීම හා වින්8 සමග ඇප් එකක් ලෙසට පැමින තිබූ වින් 7 වලට සමාන මුහුනත කෙරෙහි භාවිතාකරන්නන්ගේ අවධානය නියමිත ලෙසට
ලබා ගන්නට ක්රියානොකිරීමය. ස්පර්ශක තිර මූලික පැමිනෙමින් පවතින නව භාවිතාව ගැන අධිතක්සේරුවකට පැමිනීමේ වරද කෙමෙන් සමනය කර ගන්නට වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙගා ආකාරයේ යාවත්කාලීන සංස්කරනය වූ වින්ඩෝස් 8.1 වලදී ක්රියාකිරීම ඇරබූ එම සමාගම මෑතකදී නිකුත්වූ දෙවන යාවත්කාලීන ගොනුව වූ වින්ඩෝස් 8.1 Update 1 වලදී KeyBoard , Mouse ප්රමුක භාවිතාව සමස්ථ මෙහෙයුම් පද්ධතිය සදහාම වඩාත් හොඳින්විවෘත කර තිබිනි.ඹොඩර්න් ඇප් සදහා වූ සම්පූර්න තිර අවකාශයට Mouse, Keyboard මිත්ර බව ගෙනෙමින් සුපුරුදු Taskbar ගෙනෙන්නට ඔවුන් ක්රියාකර ඇති අතර තිරය ඉහලින් ලබා ගත හැකි බාරය ඔස්සේ Close හා Minmiize හකියාවන් නැවත ගෙනවිත් තිබේ. එසේම පැරනි ඩෙස්ක්ටොප් මුහුනතෙහි ටාස්ක්බාර් එක වෙතට මොඩර්න් ඇප් වලලින්ක් ලබා ගැනීමේ හැකියාවත් සමග K & M භාවිතකරන්නෙකුට පහසුවෙන් Modern app එකක් ක්රියාකරවීමේ හැකියාවත් ගෙන විත් ඇත. එසේම මොඩර්න් ඇප් ස්ක්රීනය මත සිට පහසුවෙන් sleep , shout down , Restart වැනි පහසුකම්ද ගෙනෙන්නට ඔවුන් ක්රියාකර සිටිනඅතර Modern screen වල සිට all app තිරය වෙතට පිවිසීමේ හැකියාවද වඩාත් පහසු කිරීම කර ඇත.සමස්තයක් ලෙසට වින්ඩෝස් 8 වෙතට පැමින ඇති නව යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 මුල්ම නිකුතුවත් සමග සිදුවූ Keybord & Mouse භාවිතාකරන්නන්ගෙන් ඉවතට ගමන් කිරීම සමනය කරන්නට ක්රියාත්මකව ඇති බව විචාරනය වෙමින් ඇති අතර ස්පර්ශක තිර මූලික වැඩි වෙමින්ඇති අනාගත භාවිතාවට මෙන්ම තවමත් බහුල වශයෙන් ඇති keyboard , mouse භවිතාකරන්නන් සදහාද අපහසුවක් නොදැනෙන සමබර මට්ටමකට ගෙනෙන්නටකටයුතු කර ඇත.
source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න