පරිගණකය නැතිනම් ඔබගේ ඩත්ත උපාංගය මෙහෙයවීම සදහා වඩ වඩාත් සරල ක්‍රම වේද සොයා යෑම හදාරන්නන්ගේ නිරන්තර ගමනකි. කී බෝඩය, මවුසය වැනි මුල් උපකරනවල සිට අතෙගිලි වල චලනය දක්වා බොහෝ දුරක් එය පැමින ඇත. පලවන අලුත්ම වර්ථා පවසන්නේ
අතැගිල්ලකට පැලදෙන මුදුවක් වැනි උපාංගයක් ඔස්සේද එය කල හැකි බවකි. Nod නම් ආයතනය ඒ නමින්ම ඉදිරිපත්කර ඇති මෙම නිකුතුව අදාල දත්ත උපාංගයට සම්බන්ද වන්නේ Bluetooth සබදතාවයක් සමග වන අතර හදුන්වාදිම සදහා ඉදිරිපත්කල වීඩියෝවේදී (demo video) HALO නම් පරිගණක ක්‍රීඩාව මෙහෙය වීම සදහාත් Netflix app මෘදුකාංග මෙහෙය වීම සදහාත් එය යොදා ගන්නා ආකරය දක්ක්වා සිටිනු ලබනවා. මෙම Nod ring ප්‍රමාන 12කින් වෙළඳ පොලට පැමිනීමට නියමිත අතර Windows, OS X, Android, iOS ඇතුලු සියලුම ප්‍රධාන පෙලේ මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මේ වන විටත් ඩොලර් 149ක් වැනි මුදලකට මෙම උපකරනය සදහා පෙර වෙන්කර ගැනීම් ඇරබී ඇති අතර මෙම වසරේදී නිකුතුව සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Source = siriwansa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න