0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Saturday, May 10, 2014
Ransomware හා Deceptive downloads වල ඉහල යාමක් -Microsoft පවසයි
Malware පිලිබදව හා ඒවා වැලකීම පිලිබදව වූ මතවාදයන්ගේ තීරනාත්මක වෙනස්කම් කිහිපයක් හදාරන්නන්ගේ අවධානයට පැමින ඇති කාලසමයක් එලබී ඇත. ප්‍රධාන මට්ටමේ ආයතනයක් පසුගියදා පවසා සිටියේ Malware සමග කටයුතු කරන ආකාරය පිලිබදව
වූ ආකෘතීන් වෙනසකට ගෙනෙන්නට කාලය එලබ ඇති බවකි. ඔවුන් පැහැදිලි කලේ සාම්ප්‍රධායික ආකාරයට තව දුරටත් Malware සදහා කටයුතු කිරීම ඵල රහිත වෙමින් ඇති බවය. නුදුරු කාලයේදී නව වෙනස්කම් සහිත ආරක්ශක මෘදු කාංග වෙළඳ පොලට පැමිනීම අනිවාර්ය වනු ඇති බවටයි ඔවුන් යෝජනා කර සිටියේ.
මේ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ Malware Protection Center වෙතින් නිකුත්වන නිවේදනයක් පැහැදිලි කර සිටින්නේ ransomware අන්තර්ජාලය මතට පැමිනීම මෙන්ම මෘදුකාංග තුල සැගව හානිකරයන් පැමිනීම වෙගයෙන් ඉහල යමින් ඇති බවකි. වසර ආරම්භය සමග සැලකීමේදී 45%ක ඉහලයාමක් වාර්ථා කරමින් සිටින මෙම හානිකර පැතිරීම පිලිබදව භාවිතාකරන්නන්ගේ අවධානය යොමුකරලීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් සිටිනවා. ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් අනෙකුත් මෘදුකාංගද හැම විටම යාවත්කාලීනව තබා ගැනීමද මෘදුකාංග බාගතකිරීමකට පෙර අදාල වෙබ් අඩවිය පිලිබදව විමසිලිමත් වීමද මෙහිදී ඔවුන් පෙනව දෙන කරුනු වනවා. ඔවුන් පොදුවේ දෙන උපදෙස වන්නේ "think before you click" යන්නය. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ සවර් මට්ටමේ හානිකරයන් පැතිරීම පසුගිය වසර සමග සැසදීමේදී 70%ක පහල යාමක් දක්නට ලැබීම සතුටුදායක කරුනක් බවයි.
(ransomware වලදී සිදුවන්නේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාකිරීමට නොහැකි වන සේ පද්ධතිය අගුලු ලැමක් හෝ ගොනු encrypt කිරීමක් වන අතර සාමානය පරිදි පරිගණකය භාවිතාකිරිමට හැකි තත්වයට පත්කර ගැනීම සදහා එම හානිකරන්නාහට යම් ගෙවීමක් කරන ලෙසට බලකිරීමකි.)
Source =
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න