Sunday, May 4, 2014

John McAfee මූලිකත්වයෙන් වඩාත් ආරක්ශිත instant messaging ඇප් නිකුතුවක්

  John McAfee තොරතුරු තාක්ශන ලෝකය වෙතට අපූර්ව දායාද කිහිපයක්ම ගෙන ආ මිනිසෙකි. 1987 දී ඔහු ලොවට සාර්ථක ආරක්ශක මෘදුකාංග ගොනුවක් ඉදිරිපත් කලේය. ආරක්ශක මෘදු කාංග වෙළඳ පොල තුල සාකර්ථක අනන්‍යතාවය දිනා ගත් එම මෘදුකාංග ගොනුවේ නිකුතු McAfee Associates වෙතින් 1994දී ඉවත් වූ ඔහු Tribal Voice නමින් ආයතනයක් පිහිට වමින් ලොව ප්‍රථම
instant messaging මෘදුකාංගයක්  හඳුන්වාදෙන්නට කටයුතු කලාය. තොරතුරු ලෝකයේ තොරතුරු සොරා ගැනීම් පිලිබඳව මහත් ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන මේ යුගයේ chandder නම් Android ඇප් මෘදුකාංගයක් ඉදිරිපත් කරමින් භාවිතාකරන්නන් අතර සිදුවන  සංවාදය  unencrypted ආකාරයෙන් භාවිතාකරන්නන් අතරින්ම සිදුවන බැවින් අතර මැද සර්වරයට එම තොරතුරු නිරාවරනය නොවන අයුරින් මෙම මෘදු කාංගය නිමැවී තිබීම මෙම භාවිතාවේ විශේෂත්වය ලෙසට දක්වනු ලබනවා. එම තාක්ශනය "key server encryption" ලෙසට නම් වන අතර 256 bit AES  භාවිතයෙන් එම එන්ක්‍රිප්ට් කිරීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම ඇප් භාවිතාව දැනට ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් ෆෝන් සදහා නිකුත්ව ඇති අතර iOS සදහා ඉදිරියේ නිකුත්වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Chadder for Android
Chadder for Windows

Source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න